Sunday 31 March 2013

නිශාන්ත පෙරේරා මහතා

Nishantha Perera
මාධ්‍යවේදී, රාජ්‍ය සම්මානලාභී ලේඛක, ඉන්දියානු උපාධිධාරී, ජ්‍යෝතිෂ්‍ය ශිරෝමණී, දේශාභිමානී

නිශාන්ත පෙරේරා මහතා ඉදිරිපත් කරයි.

  1605 Views

 

 

මේෂ ලග්නය

 

ලග්නාධිපති අඟහරු 06 වැන්නේත් ආත්මකාරක රවී, චන්ද්‍ර, බුධ සංයෝගව 09 වැන්නේත් ශනි, රාහු 07 වැන්නේත් ගමන් කරමින් 2014 නව වසර ඔබට උදාවේ. ගුරු බුධ අතර පරිවර්ථනයක්ද, ශනි සිකුරු අතර පරිවර්ථනයක්ද සමඟින් උදාවන මෙම වසර ඔබට යහපත්වේ.

අධ්‍යාපනය

ප්‍රාථමික අධ්‍යාපන අංශවල නියුතු දූ පුතුන්ට ඉතා යහපත් වේ. තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වලට යහපත් අතර ඒ ආශ්‍රිත ජයග්‍රහණ අත්කරගැනීමේ ශක්තියක් ගෙනදේ.

ආදායම

රූපලාවන්‍ය, රෙදිපිළි අංශවලට මෙන්ම සංචාරක ක්‍ෂේත්‍රයේ රැකියා ව්‍යාපාර කරනු ලබන අයට යහපත් වේ. එමෙන්ම සෙනසුරු රාහු මහ දශා අන්තර් දශා ගතකරන අය තරමක් කල්පනාකාරී වන්න. නීති කරදර බාධා ඇතිකරනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ කටයුතු දියුණුව වෙනුවෙන් මෙම වසර යහපත්වේ. පිරිවර සම්පත්තීන් ලැබීමට හේතුවේ. නව මිත්‍ර සම්බන්ධතා ගොඩනැගෙන අතර ඥාතීන් සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. බ්‍රහස්පතිගේ මහ දශා අන්තර් දශා ගතකරන අයට ගේදොර ඉඩකඩම් ලැබීමේ ශක්තිය යෙදේ.

ශුභ දවස් : ඉරිදා, අඟරුවාදා
ශුභ වර්ණ : රතු සහ නිල්
පිළිවෙත් : ගිලන්ව ඇති භික්ෂුවකට හෝ පූජකයෙකුට බෙහෙත් ද්‍රව්‍ය දන්දීම, ජයපිරිත සජ්ජායනය කිරීම.


Share this

 

වෘෂභ ලග්නය

 

ලග්නාධිපති 09 වැන්නේත් යෝගකාර සෙනසුරු රාහු සමඟ සංයෝගව 06 වැන්නේත්, අඟහරු 05 වැන්නේත් රවී-චන්ද්‍ර-බුධ 08 වැන්නේත්, බ්‍රහස්පති 02 වැන්නේත් ගමන් කරමින් 2014 නව වසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

අධ්‍යාපන කටයුතුවල නිරතවන දූ පුතුන් දැඩි කැපවීමෙන් යුක්තව එම කටයුතු කිරීමට මතක තබා ගන්න. මන්ද, බුද්ධියට වඩා හැගීම් ආදියට මුල්තැන දීම ප්‍රබල කරනු ලබන වසරක් වේ. විෂය කටයුතුවලට වඩා විෂය බාහිර දේට වැඩිපුර හිත යොමු කරනු ලබයි. රැවටීම්, චරිතයට හානි ගෙනදෙන සිදුවීම් ප්‍රබල කෙර්.

ආදායම

ලැබීම් සඳහා යහපත් වසරක් උවත් වැය පාර්ශ්වය ඒ හා සමාන වේ. එබැවින් නිසි මූල්‍ය කළමනාකාරීත්වයකින් යුක්තව කටයුතු කරන්න. රැකියාවේ තෘප්තිය හීන කරනු ලබන අතර සතුරු කරදර බාධා ගෙනදේ. බොහෝවිට ඔබෙන් උදව් උපකාර ලැබූ අයගෙන්ම කරදර විපත් ගෙනදේ. බ්‍රහස්පති මහදශා අන්තර් දශා ගත කරනු ලබන අය වඩාත් කලපනාකාරීවීම වැදගත්ය.

ගෘහ ජීවිතය

පවුලේ සමගියට සහජීවනයට යහපත් වසරක් වේ. වෙනදාට වඩා පවුලේ අය සමග රැදීමේ ශක්තීන් ගෙනදේ. විනෝද චාරිකා, ප්‍රියසම්භාෂණ ආදියට සහභාගීවීමේ වාසනාව ඇතිකරනු ලැබේ. දරුපල අපේක්ෂිත යට ප්‍රර්ථනා ඉටුවනු ඇත.

සෞඛ්‍ය

සෙම් රෝග පීඩා මෙන්ම උගුර ආශ්‍රිත ආසාදන තත්වයන් ගෙනදේ. ගුප්ත දෝෂ ඇති කරනු ලබයි. කේතු රාහු දශා ගත කරනු ලබන අයට විශේෂයි.

ශුභ දවස් : බදාදා, සිකුරාදා
ශුභ වර්ණ : සුදු, ක‍්‍රීම්
පිළිවෙත් : උදෑසන කටයුතු ඇරඹීමට ප්‍රථම මෝර පිරිත වරක් සජ්ජායනා කරන්න.


Share this

 

මිථුන ලග්නය

 

ලග්නාධිපති රවී චන්ද්‍ර සමග සංයෝගව 07 වැන්නේත්, බ්‍රහස්පති ලග්නයේත්, සිකුරු 08 වැන්නේත් අඟහරු 04 වැන්නේත් ශනි රාහු 05 වැන්නේත් ගමන් කරමින් 2014 නව වසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

ශාස්ත්‍රීය අංශවලට යහපත් අතර උසස් අධ්‍යාපනය ලබන දූ පුතුන්ට ඉතා ශුභයි. කළා අංශවල නියුතු ඔබෙත් නව නිර්මාණ ඇති කිරීමට මෙම වසර යහපත් වේ.

ආදායම

රැකීරක්ෂා ආශ්‍රිත උසස් වීම්, තමන් බලාපොරොත්තු වූ ස්ථාන මාරු ශක්තීමත්ව ගෙනදේ. වසර මැද වනවිට ආදායම් මාර්ග සරුවේ. ව්‍යාපාර කටයුතුවල නිරත් ඔබට සේවක සේවිකාවන්ගෙන් යම් යම් ගැටළු ගෙනදේ.

ගෘහ ජීවිතය

අඟහරු 04 වන්නේ ගමන් කිරීම නිසා ආවේගශීලී ගති ප්‍රබල කරනු ලබයි. පවුලේ අය සමග හිත් රිදීම්, මතගැටුම් බහුල කරනු ඇති. ඉවසීමෙන් කටයුතු කරන්න. දරුවන්ගේ ක්‍රියාකාරකම් ආශ්‍රිත කලකිරීම ඇති කරන අතර දරුපල ආශ්‍රිත ගැටළු බහුල කෙරේ.

සෞඛ්‍ය

අහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත දෝෂ ගෙනදේ. කල්පවතින උදරාබාධ ඇති කරනු ලබයි. නිසි වෙලාවට ආහාර ගැනීමත් පාලනයකින් යුක්තව ගැනීමත් වැදගත් වේ.

ශුභ දවස් : බදාදා, සිකුරාදා
ශුභ වර්ණ : කොළ, කහ
පිළිවෙත් : අභිසම්පදාන පිරිත කටයුතු ඇරඹීමට ප්‍රථම කියවීම හෝ ශ්‍රවනය කිරීම ශුභයි. සාමණේර භික්ෂූන්ට පොත්පත් දන්දීම ශුභයි.


Share this

 

කටක ලග්නය

 

ලග්නාධිපති බුධ රවී සමග සංයෝගව 06 වැන්නේත්, අඟහරු 03 වැන්නේත්, සිකුරු 07 වන්නේ බලවත් ශනි රාහු සමග 04 වැන්නේත් ගමන් කරණු ලබන අතර 06 හා 12 අධිපතීන් පරිවර්ථනය වීම නිසා “විපරිත රාජ යෝගයක්ද” උදා කරමින් මෙම වසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

සියලුම ක්ෂේත්‍රවල අධ්‍යාපන අංශවලට යහපත්වේ. 2014 ජූනි 19 දිනෙන් පසු යෝග කාරක බ්‍රහස්පති බලවත් වීම නිසාවෙන් වසර මැද භාගයෙන් පසු ශුභපල අත්විඳිය හැක. ජයග්‍රහණ ගෙනදේ.

ආදායම

වසරේ පළමු මාස කිහිපය තරමක කරදර බාධා යෙදුනත් එම තත්ත්වයෙන් මඟහරවාගෙන ඉදිරියට යෑමේ ශක්තීන් ගෙනදේ. ජූනි මස 19 දිනෙන් පසු අතමිට සරුවේ. හවුල් ව්‍යාපාර ආදියට යහපත් අතර නව ආදායම් මාර්ග ඇතිකරනු ලබයි.

ගෘහ ජීවිතය

වසරේ මුල් මාස කිහිපය තමන්ගේ මෙන්ම පවුලේ කටයුතුවලටත් තවන පාර්ශවයන්ගේ මැදිහත්වීම් බහුල කරනු ලබයි. එමෙන්ම ඒ අයගේ අවශ්‍යතාවයන් මත පවුලේ දියුණුවට බාධා කරදර ගෙනදේ. ජූනි 19 දිනෙන් පසු ප්‍රීතිමත් කාලයක් ගත කිරීමේ ශක්තීන් ඇති කරනු ලබයි.

සෞඛ්‍ය

නිදන්ගත රෝග පීඩා ගෙනදේ. තෙල් හා සීනි සහිත ආහාර පාලනයකින් යුක්තව ගන්න. චර්ම රෝග පීඩා ගෙනදේ.

ශුභ දවස් : ඉරිදා, සඳුදා
ශුභ වර්ණ : සුදු, ක‍්‍රීම්
පිළිවෙත් : දිවුල් වෘක්ෂයකට වතුර දැමීම, චන්ද පිරිත කියවීම


Share this

 

සිංහ ලග්නය

 

ලග්නාධිපති චන්ද්‍ර හා බුධ සමග 05 වැන්නේත් යෝගකාරක අඟහරු 02 වැන්නේත් , සිකුරු 06 වැන්නේත්, බ්‍රහස්පති 11 වැන්නේත්, බලවත්වූ ශනි රාහු සමග 03 වැන්නේත් ගෝචර වෙමින් 05 හා 11 අධිපතීන්ගේ පරිවර්ථනය වෙමින් “ශුභ පරිවර්තක යෝගයක්ද” උදා කරමින් මෙම වසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශවල අධ්‍යාපනය ලබන දූ පුතුන්ට ඉතා යහපත් අතර සම්මුඛ පරීක්ෂණ, තරඟ විභාග , ක්‍රීඩා අංශවලට මෙන්ම ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම් කරනු ලබන යට යහපත් වසරක් වේ.

ආදායම

රැකීරක්ෂා ආශ්‍රිත ගැටළු නිරාකරණය කරගත හැක. එමෙන්ම රැකිරක්ෂා බලාපොරොත්තුවන අයගේ පැතුම් ඉටුවේ. රාජ්‍ය අංශයේ රැකීරක්ෂා බලාපොරොත්තුවූ අයට යහපත්වේ. පතල්, කෘෂිකර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාර කරනු ලබන අයටද යහපත් වසරකි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු වලට යහපත්වේ. ගේදොර ආශ්‍රිත දියුණුව ගෙනදේ. පවුලේ අය සමග සුහදව කටයුතු කිරීමේ ශක්තීන් ප්‍රභල කරනු ලබයි. දරුපල ආශ්‍රිතව තිබූ කරදර අවමකරනු ලබන අතර දරුවන්ගේ ජයග්‍රහණ අත්කරන වසරකි.

සෞඛ්‍ය

වසර ආරම්භයේ තරමක් උෂ්ණාධික රෝග පීඩා ගෙනදේ. අස්ථි ආශ්‍රිත පීඩාවන් ප්‍රබල කරනු ලබයි. විෂ ශරීරගතවීම් සඳහා වැඩි ඉඩක් පවතී.

ශුභ දවස් : ඉරිදා, අඟහරුවාදා
ශුභ වර්ණ : රතු
පිළිවෙත් : සූරිය පිරිත කියවීම, ඉඹුල් වෘක්ෂයකට වතුර දැමීම.


Share this

 

කන්‍යා ලග්නය

 

ලග්නාධිපති රවී හා චන්ද්‍රයා සමග 04 වැන්නේත්, ගුරු 10 වැන්නේත්, සිකුරු 05 වැන්නේත් ශනි රාහු 02 වැන්නේත් ගමන් කරමින් නව වසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

ප්‍රාථමික, උසස් අධ්‍යාපන ලබන අයට යහපත්වේ. උනන්දුවෙන් කටයුතු කරන්න. විටෙක උද්යෝගයත් තවත් විටෙක කුසීත ගතිලක්ෂණ ප්‍රභල කරනු ඇති. ගණිත මිණිත ශාස්ත්‍ර වලටත් ඉංජිනේරු අංශවලටත් සුභයි.

ආදායම

රැකියා ආශ්‍රිත දියුණුවට ශුභයි. ප්‍රධානීන්ගේ ආදරය ගෞරවය හිමිවේ. අපේක්ෂිත ඉලක්ක කරා යෑමේ ශක්තීන් ඇති කරනු ලබයි. විදේශ රටවල් ආශ්‍රිත ව්‍යාපාර ආදියට යහපත් වේ. දේශයෙන් ජාතියෙන් පිටස්තර අයගෙන් දියුණුවට යහපත්වේ.

ගෘහ ජීවිතය

පවුලේ දියුණුව වෙනුවෙන් වෙනත් වර්ෂවලට වඩා යහපත් ලෙස නැඹුරුවීම් ඇති කරනු ලබයි. අන්සතු වස්තූන්, දේපල ලැබීම් සහිතයි. උසස් අයගේ ඇසුර ලැබේ. මව් පාර්ශවීය අසනීපතාවයන් වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට සිදුවේ. ඒරාෂ්ටක තත්වයක් පැවතීම නිසා නොවැම්බර් 04 දක්වා තරමක් ආවේගශීලීතාවයන්, සතුරු කරදර බාධා ඇති කරනු ලබයි

සෞඛ්‍ය

සෙම්දෝෂ බහුල කරනු ලබයි. වැටීම් තැලීම් ආදියට හේතුවේ. වම් දණහිස ආශ්‍රිත දෝෂ ගෙනදේ.

ශුභ දවස් : බදාදා, සිකුරාදා
ශුභ වර්ණ : කොළ
පිළිවෙත් : ධර්ම දේශනාවලට පිරිකර පූජා කිරීම, ජයපිරිත කියවීම.


Share this

 

තුලා ලග්නය

 

ලග්නාධිපති 04 වැන්නේත්, යෝගකාරක සෙනසුරු රාහු සමග බලවත්ව ලග්නයේ “සස යෝගයකින්ද”, රවී-චන්ද්‍ර-බුධ 03 වැන්නේත් කුජ 12 වැන්නේත් ගමන් කරමින් ලග්නාධිපති 04 අධිපති පරිවර්ථනය වීම නිසා ලග්න පරිවර්තනයක්ද බුධ-චන්ද්‍ර සංයෝග වීම නිසා “ධර්මකර්මාධිපති” රාජ යෝගයක්ද ඇතිකරමින් 2014 නව වසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

විවිධ භාෂාවන් අධ්‍යනය කරන යට ඉතා යහපත් අතර මාධ්‍ය ක්‍ෂේත්‍රයේ මෙන්ම විවිධ පර්යේෂණවල නියුතු උදවියට ඉතා යහපත් වේ.

ආදායම

රැකීරක්ෂා ආශ්‍රිතව තිබූ කරදර බාධා ඉවත්ව යනු ඇති, එමෙන්ම රැකියා අපේක්ෂිත වූ අයට ප්‍රාර්ථනා ඉටුකරදේ. ජලාශ්‍රිත ව්‍යාපාර ආදිය කරනු ලබන යට ඉතාමත් යහපත් වේ.

ගෘහ ජීවිතය

ඉඩකඩම්, ගේදොර, යානවාහන ලැබීමේ ශක්තීන් ගෙනදේ. විනෝද ගමන් ප්‍රියසම්භාෂණ බහුල කරනු ලබන අතර අතමිට මුදල් ගැවසෙන වසරක් වේ. මංගල යෝග යෙදේ. විවාහ ආදී කටයුතු ප්‍රමාද වූ අයගේ පැතුම් ඉටුවනු ඇති.

සෞඛ්‍ය

මානසික ආතතීන් පීඩා බහුල කරනු ඇති. ලේ ගමන් කරනු ලබන සියුම් නහර ආශ්‍රිත දෝෂ ගෙනදේ. ඒරාෂ්ටක තාවයක් පැවතීම නිසා අනතුරු වලට හේතුවේ.

ශුභ දවස් : අඟහරුවාදා, බදාදා
ශුභ වර්ණ : සුදු, රතු
පිළිවෙත් : මෝර පිරිත කියවීම, නුග වෘක්ෂයකට වතුර දැමීම.


Share this

 

වෘශ්චික ලග්නය

 

ලග්නාධිපති 11 වැන්නේත් රවී-චන්ද්‍ර-බුධ 02 වැන්නේත් බ්‍රහස්පති 08 වැන්නේත්, සිකුරු 03 වැන්නේත්, ශනි රාහු 12 වැන්නේත් ගමන් කරමින් 02 හා 08 අධිපතීන් පරිවර්ථනය වෙමින් පවතින් අවස්තාවක 2014 වසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

අධ්‍යාපන අංශවලට යහපත්වේ. වෘත්තීය පාඨමාලා ආශ්‍රිත ජයග්‍රහණ ගෙනදේ. එහෙත් යාළු මිත්‍රාදීන්ගේ කටයුතු නිසාවෙන් අධ්‍යාපන අංශවලට බාධා කරදර ගෙනදේ. විවිධ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට යහපත්ය.

ආදායම

වැයවීම් බහුල කරනු ලබයි. දුරදිග නොබලා කරනු ලබන ගනුදෙනු වලින් පාඩු සිදුවීම් ඇතිකරනු ලබයි. උස් අය සමග හොඳහිත පළුදු වීම්, රැකීරක්ෂා ආශ්‍රිත කරදර බාධා ගෙනදේ. රැකියා අහිමිවීමට, ස්ථානමාරු ආදියට හේතුවන අතර ස්වයං රැකියා ව්‍යාපාර ආදියට (ආහාර පාන) යහපත්ය.

ගෘහ ජීවිතය

පවුලේ සමගියට සහජීවනයට යහපත් නොවේ. හිතවතුන් ඥාතීන් අසල්වාසීන් සමග හොඳහිත පළුදුවීම් ඇතිකරනු ලබයි. පවුලේ අයගෙන් ඈත්ව කටයුතු කිරීම් ගෙනදේ. නොවැම්බර් 04 දිනෙන් පසු තදබල බාධා ඇති කරනු ලබයි.

සෞඛ්‍ය

බුද්ධියට වඩා හැගීම් ආදියට මුල්තැන දීම තුල සෞඛ්‍ය පීඩා ගෙනදේ. දුසිරිත් ආදියට නැඹුරුවීම් බහුල කරනු ඇති.

ශුභ දවස් : අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා
ශුභ වර්ණ : රතු
පිළිවෙත් : අනතුරකට හෝ ශල්‍යකර්මයකට පත් අයෙකුට ආහාර දෙන්න.


Share this

 

ධනු ලග්නය

 

ලග්නාධිපති 07 වැන්නේත්, රවී-බුධ-චන්ද්‍ර ලග්නගත්වත්, සිකුරු දෙවැන්නේත්, ශනි රාහු 11 වැන්නේත් ගමන් කරමින් “ධර්මකර්මාධිපති රාජයෝගයක්”, 02 වැන්නේ හා 11 වැන්නේ අධිපතීන් පරිවර්ථනය වී “ධන පරිවර්ථන” යෝගයක්ද උදා කරමින් 2014 නවවසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

අධ්‍යාපන අංශවලට ඉතා යහපත්වේ. ප්‍රාථමික අධ්‍යාපනය ලබන දූ පුතුන්ට ජයග්‍රහණ ගෙනදේ. එමෙන්ම විද්‍යා ගණිත අංශවලටත් ඉතා ශුභයි. විදේශ අධ්‍යාපන අපේක්ෂා කරනු ලබන අයගේ පැතුම් ඉටුවේ.

ආදායම

ධර්මකර්මාධිපති රාජ යෝගයක් යෙදී පැවතීම ඉතා යහපත්ය. රැකීරක්ෂා ආශ්‍රිතවත් ව්‍යාපාර ආශ්‍රිතවත් තිබූ කරදර බාධා ඉවත්ව යනු ඇති. නව ආදායම් මාර්ග ගෙනදේ.

ගෘහ ජීවිතය

පවුලේ සමගියට දියුණුවට ඉතාමත් යහපත් වසරක් වන අතර ප්‍රණීත ආහාර පාන, ප්‍රියසම්භාෂණ බහුල කෙරේ. අලුත් සාමාජිකයෙක් පවුලට එකතුවන වසරක්වේ. පදිංචිය ආශ්‍රිත වෙනස්වීම් ගෙනදේ. විදේශගමන් සඳහා යෑමේ බලාපොරොත්තු ඉටුවේ.

සෞඛ්‍ය

නිරෝගී සම්පත් ගෙනදේ. කලක් නිදන්ගත රෝග පීඩා විඳි යට සුව අතට හැරේ. සෙම්දෝෂ තත්ත්වයන් පපුවට බලපෑම් ගෙනදේ.

ශුභ දවස් : ඉරිදා, බදාදා
ශුභ වර්ණ : තැඹිලි, කහ
පිළිවෙත් : සූරිය පිරිත, ජය පිරිත කියන්න


Share this

 

මකර ලග්නය

 

ඔබේ ලග්නාධිපති උච්චබලයෙන් රාහු සමග සංයෝගව 10 වැන්නේත් රවී-බුධ-චන්ද්‍ර 12 වැන්නේත්, සිකුරු ලග්නයේත්, අඟහරු 09 වැන්නේත් ගමන් කරන්නේ “ලග්න පරිවර්තනයක්” හා “විපරිත රාජ යෝගයක්ද” බිහිකරමින් 2014 නව වසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශවල අධ්‍යාපනය ලබන දූ පුතුන් විෂය කටයුතු වලට විෂය භාහිර ක්‍රියාකාරකම් වලට වැඩි නැඹුරුතාවයක් ඇතිකරනු ලබන අතර සෞඛ්‍ය දුර්වලතා නිසාවෙන්ද අධ්‍යාපන කටයුතුවලට බාධා කරදර ගෙනදේ. ආගමික අංශවල අධ්‍යාපන කටයුතුවලට මෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලටත් ඉතා යහපත් වේ.

ආදායම

ඉඩකඩම් ආශ්‍රිත ආදායම් වලට ඉතා යහපත්වේ. එමෙන්ම යානවාහන ගනුදෙනු සඳහාද යහපත්වේ. නීති කරදර බාධා සඳහා වියදම් ඇති කරනු ලබන නිසා කල්පනාකාරී වන්න.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ සතුට සැනසුම දියුණුවට තරමක කරදර බාධා ගෙනදේ. නිෂ්පල ගමන් මෙන්ම නිෂ්පල වියදම්ද බහුල කරනු ලබයි. සහෝදර සහෝදරාදීන් නිසා ගැටළු බහුල කරනු ලබයි. තමා සතුදේ නැතිවීමට, කැඩී බිදී යෑමේ තත්ත්වයන් ගෙනදේ.

සෞඛ්‍ය

පෝෂණ ඌණතා, ශරීරයේ අප්‍රාණිකතාවයන් බහුල කරනු ලබන වසරක් වේ.

ශුභ දවස් : බදාදා, සිකුරාදා
ශුභ වර්ණ : නිල්
පිළිවෙත් : මෝර පිරිත කියවීම


Share this

 

 කුම්භ ලග්නය

 

ලග්නාධිපති උච්චබලයෙන් රාහු සමග සංයෝගව 09 වැන්නේත් රවී-බුධ-චන්ද්‍ර 11 වැන්නේත්, අඟහරු 08 වැන්නේත් ගුරු 05 වැන්නේත්, සිකුරු 12 වැන්නේත් ගමන් කරමින් “සුභ පරිවර්තනයක්” ද “ධර්ම පරිවර්තනයක්” ද සමගින් මෙම වසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශවල දූ දරුවන්ට යහපත්වේ. තරඟ විභාග ආදියෙන් ජයග්‍රහණ අත්කරදේ. තාක්ෂණික අංශවලට ඉතා යහපත්වේ. ස්වදක්ෂතා සඳහා ඉහල ඇගයීම් ලැබෙන වසරක්ද වේ.

ආදායම

රැකීරක්ෂා ආශ්‍රිතව තෘප්තිය හීන කරණුලබයි. සතුරු කරදර නිසා ප්‍රධානීන්ගේ හොඳහිත පළුදුවීම් ගෙනදේ. විදේශ රටවල් ආශ්‍රිත රැකීරක්ෂා වලට යහපත් වේ. ව්‍යාපාර ආදියට යම් යම් කරදර ඇති වුනත් ඒවා ඉදිරියට කරගෙන යෑමේ ශක්තීන් පවතී.

ගෘහ ජීවිතය

යහපත් ලෙසින් පවුලේ කටයුතු කරගෙන යාමට ශක්තිය ගෙනදේ. යානවාහන ලැබීමේ ශක්තීන් ගෙනදේ. විවාහාදී කටයුතු සඳහා තිබූ කරදර බාධා ඉවත්ව යනු ඇති. වන්දනාගමන් පුණ්‍ය කටයුතු සඳහා වැඩි කාලයක් වැයකරනු ඇති.

සෞඛ්‍ය

අත්පා ආශ්‍රිත හිරිවැටීම්, ස්නායුරෝග ගෙනදේ. සුරතල් සතුන්ගෙන් පවා කරදර බාධා ඇතිකරනු ලබයි.

ශුභ දවස් : අඟහරුවාදා, සිකුරාදා
ශුභ වර්ණ : රතු, නිල්
පිළිවෙත් : ගිලන්ව ඇති භික්ෂුවකට බෙහෙත් ද්‍රව්‍ය දන්දීම.


Share this

 

මීන ලග්නය

 

ලග්නාධිපති 04 වැන්නේත්, ශනි රාහු 08 වැන්නේත්, සිකුරු 11 වැන්නේත්, රවී-චන්ද්‍ර-බුධ 10 වැන්නේත්, 07 වැන්නේ අඟහරු ගමන් කරමින් 2014 නව වසර ඔබට උදාවේ.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශවල අධ්‍යාපන කටයුතුවල නිරතවන දූ පුතුන්ට වසරේ අධ්‍යාපන කටයුතුවලට යම් යම් කරදර පීඩා ගෙනදේ. සෞඛ්‍ය දුර්වලවීම්, ප්‍රතිශක්තිකරණය හීන කරනු ලබයි. 2014 නොවැම්බර් 04 දින දක්වා මෙම තත්ත්වයන් පවතී. විද්‍යා තාක්ෂණ අංශවලට යහපත් අතර ජූනි මාසයෙන් පසුව පොදුවේ කරදර බාධා හීනවනු ඇති.

ආදායම

රාජ්‍ය අංශය ආශ්‍රිත රැකියා, ව්‍යාපාර ආදිය කරනුලබන යට මෙම වසර යහපත්වේ. යකඩ, ලෝහ කර්මාන්ත ආශ්‍රිතවත්, කලා අංශ, රූපලාවන්‍ය කටයුතු කරන අයට ශුභ අතර, බුධ මහා දශා, සෙනසුරුගේ අන්තර් දශා ගතකරන අය කල්පනාකාරී වන්න.

ගෘහ ජීවිතය

වසරේ මුල් මාස කිහිපය තරමක කරදර බාධා ගෙනදේ. අෂ්ටම ඒරාෂ්ටක තත්වයක් පැවතීම නිසාවෙන් කටයුතුවලට අනපේක්ෂිත කරදර බාධා ඇති කරනු ලබයි. ජූනි මාසයෙන් පසුව වාසනාවත්න තත්ත්වයන් ඇති කරනු ලබයි. දරුපල ප්‍රමාද වූ අයගේත් අපේක්ෂා කරන අයගෙත් පැතුම ඉටුවේ.

සෞඛ්‍ය

ඒරාෂ්ටක තත්ත්වයක් පවතින නිසා රෝග පීඩා ගෙනදේ. ලේ විෂවීම්, අස්ථි බිඳුම් ඇතිකෙරේ. වම් අත ආශ්‍රිත ආබාධතා බහුල කරනු ලබයි.

ශුභ දවස් : අඟහරුවාදා, බ‍්‍රහස්පතින්දා
ශුභ වර්ණ : කහ
පිළිවෙත් : මෝර පිරිත, ජය පිරිත කියන්න.



Share this

No comments:

Post a Comment