Tuesday 6 August 2013

අඹ




අඹ

කුලය - Anacadiaceae උද්භිත විද්‍යාත්මක නාමය - Mangifera indica

Fruits_Mango1

උද්භිද විද්‍යාත්මකව මැන්ජිෆෙරා ඉන්ඩිකා යන නාමයෙන් හඳුන්වන අඹ ශාකය ඇනකාඩියේසියේ ශාක කුලයට අයත්ය. ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය පළතුරක් වන අඹ එහි ඇති ප්‍රධාන රසය හා ප්‍රසන්න සුවඳ හේතුවෙන් සුවිශේෂි බවක් දක්වයි.
අඹ සම්භවය වි ඇත්තේ ඉන්දියාවේ ලෙස සැලකේ. එය ලංකාවේ කඳුකර ප්‍රදේශවල හැර අනෙක් සෑම ප්‍රදේශයකම ගෙවතු වගාවක් ලෙස බහුලව දක්නට ලැබෙන අතර වියළි කලාපය තුල වාණිජ වගාවක් ලෙසද ජනප්‍රිය වෙමින් පවතී. අළුත් පලතුරක් ලෙස උසස් ගුණාත්මයෙන් යුත් අඹ සඳහා කිසි විටෙකත් අඩු නොවන දේශීය හා විදේශීය ඉල්ලුමක් පවතී. සංරක්ෂණය කළ නිෂ්පාදන ලෙස (ජෑම්, කොඩියල්, චට්නි, අච්චාරු) අපනයනය කිරීමේ හොඳ විභවයක් අඹ වලට ඇත.

ශ්‍රී ලංකාවේ වගා බිම් ප්‍රමාණය හෙක්ටයාර් 27,846 පමණ වන අතර මුළු නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 72,692 පමණ වේ. මෙයින් මෙට්‍රික් ටොන් 18 අපනයනය සඳහා යොදා ගනී.

පෝෂ්‍ය ගුණය

අඹ පල්පය ග්‍රෑම් 100 අඩංගු ද්‍රව්‍ය
පදාර්ථයඅමු අඹඉදුණු අඹ
තෙතමනය %80-9080-85
කාබෝහයි‍ඩේට් %   08-1712-18
ප්‍රෝටීන් %   0.70.6
මේදය %   0.70.6
කැල්සියම් %0.0140.014
පොස්පරස් %0.0160.016
යකඩ % 0.0160.016
කැරොටීන් මිලි ග්‍රෑම්150175
තයමීන් මිලි ග්‍රෑම්-0.08
රයි‍බොප්ලේවින් මිලි ග්‍රෑම්  -0.09
නියසින් මිලි ග්‍රෑම් -0.9
විටමින් සී මිලි ග්‍රෑම් 3.11.6

මධ්‍යම ප්‍රමාණයේ එක් ඉදුන අඹ ගෙඩියක් ආහාරයට ගැනීමෙන් අප සිරුරට දිනකදී අවශ්‍ය වන විටමින් සී හා ඒ ප්‍රමාණය පිරිමසා ගත හැකිය. අඹ ගෙඩියක අඩංගු විය හැකි විවිධ ‍පෝෂ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයන්, ප්‍රභේද අනුවද, ගෙඩිය ඉදී ඇති ප්‍රමාණය අනුවද, වගා කරනු ලබන ප්‍රදේශ අනුවද වෙනස් විය හැකිය.

ඉදුන හෝ නොඉදුන පළතුරක් ලෙස මෙන්ම වෙනත් නොයෙක් අන්දමට සංරක්ෂණය කිරීමේන් පසුවද අඹ ආහාරයට ගැනේ. ඉදී නැති අඹ‍ ගෙඩි වලින් අච්චාරු හා චට්නි සාදනු ලැබේ. නොයෙක් බීම වර්ග, ජෑම්, ජෙලි ආදිය නිපදවීම සඳහා ඉදුනු අඹ ‍භාවිතා වේ. එසේම මාංසලය වියළා කැබලි හා කුඩු වශයෙන්ද වෙළඳපොල වෙත ඉදිරිපත් කරනු ලැබේ.

ඖෂධීය ගුණ

ඉදුනු අඹ ‍වල මෙන්ම, නොඉදුනු අඹවලද නොයෙක් ඖෂධීය ගුණ පවතී. පරිසර උෂ්ණත්වය වැඩිවීම නිසා සිරුරේ හට ගන්නා නොයෙක් ආබාධ වලකා ගැනීම සඳහා අමු අඹ වලින් සාදාගන්නා පානයක් භාවිතා වේ. මෙයට අමතරව, අමාශයේ ආබාධ සඳහාද පිත ශ්‍රාවය කිරීම උත්තේජනය කිරීම සඳහා ද රුධිරය ආශ්‍රීත නොයෙක් ආබාධයන් වලකා ගැනීම පිණිසද අමු අඹ යොදා ගැනේ.

ඉදුනු අඹ වල ඇති ඖෂධීය ගුණ රාශියකි. රාත්‍රි අන්ධභාවය වලක්වා ගැනීම සඳහාද, සමෙහි නිරෝගි බව ආරක්ෂා කර ගැනීමටද ඉදුනු අඹ ආහාරයට ගැනීම සුදුසුය. ඉදුනු අඹ සහ එළකිරි නිතර ආහාරය‍ට ගැනීම මගින් සිරුරේ බර වැඩි කර ගත හැකි යයි විශ්වාසයක් පවතී

මෙයට අමතරව පාචනය හා ස්ත්‍රීන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත නොයෙක් රෝගී තත්ත්වයන් හට ප්‍රතිකාර කිරීමේදී අඹ ඇට මද භාවිතා කරනු ලබන අතර, අඹ කොළ හා ගසේ පොතු යොදාගන්නා ප්‍රතිකර්ම රාශියක්ද වේ.

නිර්දේශිත අඹ ප්‍රභේද
ප්‍රභේදවියළි කලාපයඅන්තර් කලාපයතෙත් කලාපය
කර්තකොලොම්බන් 


විලාඩ්


මල්වාන


පෙට්ටි අඹ


වෙල්ලෙයි කොලොම්බන් 


ටොම් EJC


ගිරාඹ 



ශ්‍රී ලංකාවේ දැනට වගා කරනු ලබන අඹ ප්‍රභේද රාශියකි. මේ අතුරින් අප රටේ පවතින විවිධ දේශගුණික තත්ත්ව යටතේ වගා කිරීම සඳහා වඩා සුදුසු ප්‍රභේද හඳුනාගෙන තිබේ. මේ අනුව කටයුතු කිරීම මගින් ගසකින් ලබාගත හැකි අස්වැන්න වැඩිකර ගත හැකිය. එසේම හටගන්නා ගෙඩි, ප්‍රභේදයට ආවේනික රසයෙන්ද යුක්ත වේ.

කරුතකොලොම්බන්
Fruits_Mango_karthakolomban

පත්‍ර
තරමක් විශාලය. හොඳින් පත්‍ර කිනිත්තෙ පහළට විහිදී ඇත. පත්‍ර මැද නාරටිය හොදින් පැහැදිලිය. පත්‍ර දිගටි ඕවලාකාරය. හොඳින් පත්‍ර ධාරයන් උඩට නැමීම පෙන්නුම් කරයි. පත්‍ර ධාරය රැලි සහිතව ඇඹරී ඇත. පත්‍ර අග හා ආරම්භය උල් හැඩයක් ගනී. පත්‍ර පාර්ශ්වික නාරටි තරමක් පෙන්නුම් කරයි. ලපටි පත්‍ර ලා කහපාට අතර වැඩුණු පත්‍ර තද කොළ පාටය.

ඵලය

  • මධ්‍යම, තරමක් දිගටි වන අතර මුල හා අග රවුම්ය.
  • හොටය සළකුනක් පමණක් ඇත.
  • නැම්ම ඉතා ලාවට පිහිටිය හැකි අතර ගෙඩි අග නැම්ම ලොකු කවාකාර හැඩයක් ගනී. අග රවුම්ය.
  • පොත්ත තරමක් ඝනකම්ය.
  • මදය තරමක් මෘදුය. රන්වන් පැහැතිය. ඉතා රසවත්ය. යුෂ සහිතය.
බීජය
  • මධ්‍යම ප්‍රමාණයේ දිගටි හැඩතිය. කෙදි තරමක් ඇති අතර ඇටයේ ධාරවල කෙදි වැඩිය. නාරටි සමාන්තරව පිහිටා ඇත.
ඵලයේ ගුණාත්මය
  • කීඩෑවන්ට තරමක් ඔරොත්තු දෙන අතර, කල්තබා ගැනීම හා ලෙලි ගැසීම මධ්‍යම ප්‍රමාණයට සිදුවේ.

වෙල්ලයිකොලොම්බන්
Fruits_Mango_wellaikolomban

මෙය ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලදි. බහු කලලතාවයද පෙන්නුම් කරයි.

ගස

  • නිරන්තරයෙන් ඵලදාව ඇති කරයි.
  • ගසේ මුදුන රවුම්ය. දළු තරමක් ඝනකම්ව පිහිටා ඇත.
  • ගස විශාල අතු හොඳින් පැතීරී ඇත.
පත්‍ර
  • පත්‍ර විශාලය
  • මැද නාරටිය පැහැදිලිය
  • පත්‍ර ධාර උඩට ලාවට හැරී ඇත.
  • පත්‍ර ධාර තරමක් රැළි සහිතව ඇඹරී ඇත.
  • ලපටි පත්‍ර කොළපාටය. පසුව ලා කොල පාටක් ගනී.
මල්
  • විශාලය, කහ පාටට හුරුය.
ඵලය
  • මධ්‍යම ප්‍රමාණයේ සිට කුඩා ප්‍රමාණය දක්වා වේ.
  • නැමීමක් නැති තරම්ය. දෙපස ඒකාකාර නැත.
  • අග විශාල කවාකාර හැඩයක් ඇත.
  • හොට සලකුණක් ඇති අතර එය විශේෂිතය.
  • පොත්ත තරමක් තුනීය. මදයේ කෙදි අඩුය.
  • රන්වන් කහ පැහැතිය. රස තරමක් හොදය. යුෂය තරමක් ඇත.
බීජය
  • මධ්‍යම ප්‍රමාණයේ දිගටි හැඩතිය.
  • ඇටයේ සෑම තැනම කෙදි ඇති අතර දාර වල කෙදි අඩුය. ඇටවල සමාන්තර නාරටි ඇත.
  • කීඩෑවන්ගේ හානියට මධ්‍යම ලෙස ප්‍රතිරෝධී වේ. ගෙඩි කල්තබා ගැනීම හොදයි.

විලාඩ්

Fruits_Mango_vilad

රතු පැහැති වර්ගයෙන් යුතු වන අතර ශ්‍රී ලංකාවට ආවේණික වර්ගයකි.

ගස

  • මධ්‍යම ප්‍රමාණයේ ගසක් වන අතර අතු හොඳින් විහිදී ඇත.
  • මධ්‍යම ප්‍රමාණයේ අස්වැන්නක් ලබාදෙයි.
  • කවාකාර හැඩති ගසකි. දළු මධ්‍යම ලෙස සෑදේ.
පත්‍ර
කුඩාය, පහලට නැවුණු ලෙස සැකසී ඇත. මැද නාරටිය පැහැදිලිය. පත්‍ර දාර ඉහලට නැමී ඇත. පත්‍රදාර සම්පූර්ණ හෝ අර්ධව ඇඹරී ඇති අතර නාරටි ද පැහැදිලිව බේරී ඇත. පත්‍ර අග හා මුලද උල් හැඩතිය. දළු පත්‍ර රෝස පැහැති ලා කොළ පාට වන අතර වැඩුණු පත්‍ර තද කොළ පාටය.

ඵලය

කුඩා ප්‍රමාණයේ සිට මධ්‍යම ප්‍රමාණයේය. ඵලය රවුම්ය. පැති සමමිතිකය. හොටය සලකුනක් පමණක් ඇත. පොත්ත තරමක් තුනීය. පොත්ත මටසිලිටුය. කහ සිට රතු පාටට හුරු රෝස පාට ගෙඩිය මුල දක්වා පාතිරේ. කෙදි ලාවට ඇත. තද කහපාට මදය තරමක් සුවඳ අතර ආකර්ෂණීය රසයක් ඇත. මධ්‍යම යුෂ ඇත.

ජල සම්පාදනය
විශේෂයෙන් දිගු වියළි කාල ගුණයක් පවතින ප්‍රදේශයන්හි අළුතින් සිටුවන ලද වගාවන් සඳහා මුල් වසර 3ක පමණ කාලය තුලදී ජලය සැපයීම වැදගත්ය. වර්ෂ‍ාපතනය සහ පසෙහි ස්වභාවය අනුව ජලය සැපයියයුතු වාර ගණන තීරණය වේ.

පාංශු තෙතමනය නිසි පරිදි තිබීම වඩා තීරණාත්මක වන්නේ මල් හටගැනීමෙන් පසුව ඵල මේරීම දක්වා කාලය සහ දළු ලෑමේ සිට පත්‍ර මේරීම දක්වා කාලය වේ.

නමුත් පත්‍ර මේරීමෙන් පසුව ‍මල් හටගන්නා අවස්ථාව තෙක් ගස්වලට ජලය සැපයිම නොකල යුතුය. මෙම කාලයතුලදී ජලය සැපයීම මල් හටගැනීමට අහිතකර අන්දමට බලපායි.

රසායනික පොහොර නිර්දේශය

තෙත් කලාපය සඳහා

ආකාරය / යොදන කාලයවර්ගයප්‍රමාණය
හුණු යෙදීම/ සිටුවීමට සති 02 කට පෙරඩොලමයිට්  ග්‍රෑම් 500 ක් වලකට
කාබනික පොහොර යෙදීම / සිටුවීමට සති 2 කට පෙරකුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්කිලෝ ග්‍රෑම් 10 ක් වලකට
රසායනික පොහොරවර්ගය සහ ප්‍රමාණය ග්‍රෑම් ගසකටපෝෂක ප්‍රමාණය ග්‍රෑම් පැලයකට
යොදන කාලය                   යුරියාROPMOPN     P 2O 5K 2 O
සිටුවීමට පෙර   115230105536963
පළමු අවුරුද්ද මාස 4 වරක්407535182121
02වන අවුරුද්ද මාස 4 වරක්6011555283533
03වන අවුරුද්ද මාස 4 වරක්   13015570604442
04වන අවුරුද්ද මාස 4 වරක්   15519090725354
05වන අවුරුද්ද මාස 4 වරක්180230105836463
ඵලදරණ ගස් සඳහා
1 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු1651621907645114
1 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
551621902545114
2 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු  24824528511469171
2 වන අවුරුද්දමල් හටගන්නා
අවස්ථාවේ 
822452853869171
3 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු   33032738015292228
3 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
1103273805192228
4 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු413410475190115285
4 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
13741047563115285
5 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු495492570228138342
5 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
16549257076138342
6 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු578575665266 161 399
6 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
192575665 88161  399
7 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු  660 657 760 304184 456
7 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
220  657760101  184456

වියළි හා අතරමැදි කලාපය සඳහා
ආකාරය / යොදන කාලයවර්ගයප්‍රමාණය
හුණු යෙදීම/ සිටුවීමට සති 02 කට පෙරඩොලමයිට්  ග්‍රෑම් 500 ක් වලකට
කාබනික පොහොර යෙදීම / සිටුවීමට සති 2 කට පෙරකුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්කිලෝ ග්‍රෑම් 10 ක් වලකට
රසායනික පොහොරවර්ගය සහ ප්‍රමාණය ග්‍රෑම් ගසකටපෝෂක ප්‍රමාණය ග්‍රෑම් පැලයකට
යොදන කාලය                   යුරියාROPMOPN     P 2O 5K 2 O
සිටුවීමට පෙර   16020090379254
පළමු අවුරුද්ද මාස 4 වරක්556530253018
02වන අවුරුද්ද මාස 4 වරක්8010045374627
03වන අවුරුද්ද මාස 4 වරක්   11013560516236
04වන අවුරුද්ද මාස 4 වරක්   13516575627645
05වන අවුරුද්ද මාස 4 වරක්16020090749254
ඵලදරණ ගස් සඳහා
1 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු180802508337150
1 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
60802502837150
2 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු  27012035012455210
2 වන අවුරුද්දමල් හටගන්නා
අවස්ථාවේ 
901203504155210
3 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු   36016045016674270
3 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
201604505574270
4 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු45020055020792330
4 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
1502005506992330
5 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු540240650248110390
5 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
18024065083110390
6 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු630280750290129450
6 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
21028075097129450
7 වන අවුරුද්ද අස්වැන්න නෙලීමමෙන් පසු  720320850331147510
7 වන අවුරුද්ද මල් හටගන්නා
අවස්ථාවේ
240320850110147510

ගස් කප්පාදු කිරීම
Fruits_Mango_kappadukirima

ආරම්භයේ සිට හොඳින් පුහුණු කර නඩත්තු කරන ලද අඹ ගසක් කප්පාදු කිරීමේදී කල යුතු වන්නේ රෝගී සහ මැරුණු අතු ඉවත් කිරීම පමණි. නමුත් දැනට පවතින අඹ වගාවන් හොඳින් නඩත්තු කර නොමැති හෙයින් ඒවා අක්‍රමවත් ලෙස වර්ධනය වී ඇත. කප්පාදු කිරීමෙන්

  • සූර්යාලෝකය හොඳින් නොලැබෙන පත්‍ර වල ආහාර නිපදවීමත් නොකරන නිසා ඒවා අනිකුත් අතු මත යැපේ. එවිට ගසේ නිපදවන ආහාර වැඩි ප්‍රමාණයක් ගසේ නඩත්තුවට වැයවේ. අනවශ්‍ය අතු කප්පාදු කිරීම මඟින් ඉවත් කළ පසු ගසට ලැබෙන සූර්යාලෝකය ගස මඟින් උපරිමව ප්‍රයෝජනයට ගැනීමෙන් ඵලදාව වැඩිවේ.
  • කප්පාදු නොකරන ලද ගසක වියනක පළිබෝධකයින්ට හා රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවීන්ට හිතකර නිසා රෝග හා පළිබෝධ හානි වැඩිවේ. කප්පාදු කිරීම නිසා එම තත්ත්වයයෙන්ද මඟහරවා ගත හැක.
  • කප්පාදුව නිසා ගස නියමිත ආකාරයේ ප්‍රමාණයට හා හැඩයට පාලනය කිරීම මඟින් ශෂ්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර කිරීම පහසුවේ.

සාමාන්‍ය ගසක කප්පාදුව (මීටර් 3 උසට)

  • බද්ධ පැල වල උස මීටර් 0.5 පමණදී අග්‍රස්ථය ඉවත් කිරීම මඟින් හරස් රිකිලි ලබා ගැනීම.
  • පසුව එන සිරස් අතු ගසේ මැද විවෘත වනසේ කපා ඉවත් කල යුතුය.
  • ගසේ උස මීටර් 03 පමණ වනසේ මැද අතු කපා ඉවත් කල හැක.
  • අයෝග්‍ය සෙවන වැටෙන අතු, එකිනෙකට ගැටෙන, රෝගී මැරුණු අතු ඉවත් කිරීම.
  • ගසේ සැලකිල්ල සමබරව ලබා ගැනීම සඳහා අතු නැමීම, බර එල්ලීම හෝ ලණු වලින් ඇද ගැටගැසීම සිදු කල හැක.

මල් උත්තේජනය කිරීම
Fruits_Mango_flowers


  • මල් සෑදීම මාර්තු හෝ අගෝස්තු මාසවල සිදුවේ.
  • හෝමෝන දැමීම සිදු කල යුත්තේ මල් සෑදෙන මාසයට මාස එක හමාරකට පෙර හෝමෝන යෙදීම සිදු කළ යුතුය.
  • මේ සඳහා කුල්ටර් (පැක්ලොබ්‍රියුටිසෝල් 10%)
1. ගසේ අතු අතර විශ්කම්භය මීටර් 01 වූ ගස් සඳහා ග්‍රෑම් 10 ජලය ලීටර් 5 දියකර ද
2. ගසේ අතු අතර විශ්කම්භය මීටර් 5

දේශගුණික ‍අවශ්‍යතා

අඹ ගස නිවර්තන සහ උප නිවර්තන දේශගුණික තත්ත්වයන්හට මැනවින් අනුවර්තනය වී තිබේ. එය මුහුදු මට්ටමේ සිට මීටර් 1300 පමණ උස් වු ප්‍රදේශයන්හි වගා කළ හැකිය. නමුත් වාණිජ මට්ටමේ වගාවන් සඳහා සුදුසු වන්නේ මුහුදු මට්ටමේ සි‍ට මීටර් 600ට වඩා අඩු ප්‍රදේශ පමණකි.

අඹ වගාව සඳහා පැවතිය යුතු ප්‍රශස්ථ උෂ්ණත්වය 27-30oCපමණ වේ. වාර්ෂික වර්ෂාපතනය මි.මි. 500-2500 පමණ විශාල පරතරයක් පවතින ප්‍රදේශයන්හි මෙම ‍බෝගය වගා කළ හැකිය. නමුත් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීම සඳහා ‍බෙහෙවින් වැදගත් වන්නේ යම් ප්‍රදේශයකට ‍ලැබෙන සම්පුර්ණ වර්ෂාපතන ප්‍රමාණය නොව එහි ව්‍යාප්තියයි.

අඹ ගසක හොඳින් මල් හට ගැනීම සඳහා මාස 3 - 4 පමණ වියළි කාලයක් තිබීම වැදගත්ය. එසේම මල් හටගන්නා අවස්ථාවේදි වර්ෂාව ලැබීම නිසා පරාගණය දුර්වල වී හට ගන්නා ගෙඩි සංඛාව අඩු විය හැකිය.

පස

විවිධ පාංශු තත්ත්ව යටතේ අඹ වගා කළ හැකිය. එසේ වුවද මීටර් 2 පමණ ගැඹුරු හොඳින් ජලය බැස යන සැහැල්ලු පසක් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී. එච්. අගය 5.5 -7.5 වේ. තද මැටි සහිත පසක හෝ නිතර ජලය රඳා පවත්නා ස්ථානයන්හි සාර්ථකව අඹ වගා කළ නොහැකිය.

ක්ෂේත්‍රය සැකසීම
ගෙවතු වගාවක් ලෙස මෙන්ම විශාල පරිමාණයේ වාණිජ වගාවක් ලෙස ද අඹ වගා කරනු ලැබේ. විශාල පරිමානයේ වගාවක් ආරම්භ කිරීමට පෙර භූමිය ශුද්ධ කර ගැඹුරට සීසා කැට පොඩිකරන්න. ඒ සමගම සුදුසු පස් සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න.

පරතරය
වර්ගය පේලිය තුල පේලි අතර
විලාඩ් සඳහාමීටර් 7මීටර්  10
සෙසු ප්‍රභේද සඳහාමීටර් 10 මීටර්  10

වගා කිරීමට බලාපොරොත්තු වන අඹ ප්‍ර‍භේදයට ගැලපෙන පරතරයකින් වලවල් සලකුණු කර ගන්න. සැහැල්ලු පසක් නම් වලක ප්‍රමාණය සෙ. මී. 60 x 60 x 60 පමණ වීම ප්‍රමාණවත්ය. ගල් බොරළු ආදිය බහුල හෝ මැටි ස්වභාවය අධික පසක නම් හෝ සෙ. මී. 90 x 90 x 90 ප්‍රමාණයේ වලවල් සකසා ගන්න.

පැල සිටුවීමට සති 2 පමණ පෙර, දිරාපත් වු කාබනික පොහොර සමග මතුපිට පස් හොඳින් කළවම් කර වල පුරවන්න. වල පිරවිය යුත්තේ පො‍ළොව මට්ටමේ සිට තරමක් ඉහළින් පස් මුදුන් වී පවතින ආකාරයටය.

රෝපණ ද්‍රව්‍ය

සිටුවීම සඳහා නිර්දේශ කරනු ලබන්නේ බද්ධ කරන ලද අඹ පැලය. මෙමගින්, ප්‍රභේදයේ ගුණාංග පවත්වාගෙන යාමටද, ඉක්මනින් අස්වනු ලබා ගැනීම‍ටද, වගාවේ නඩත්තු කටයුතු පහසුවෙන් ඉටුකිරීමටද ඉඩ සැලසේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සහතික කරන ලද බද්ධ පැල සිටුවීම වඩා විශ්වාසදායකය. පැලය අයත් ප්‍රභේදයේ නම සහ අංකයක් සඳහන් ලේබලයක් සහිතව එවැනි පැල අලෙවි කරනු ලැබේ.

බීජ පැල සිටුවීම සඳහා යොදා ගත් විට, ඵල දැරීමට දිගු කාලයක් ගතවේ. එසේම යම් ප්‍රභේදයක් සතු හිතකර ගුණාංග පවත්වා ගැනීමද අපහසුය.

බද්ධ පැල සකසා ගැනීම
ග්‍රාහක පැල

අඹ පැල බද්ධ කිරීම සඳහා පළමුව ග්‍රාහක පැල නිපදවා ගත යුතුය. මේ සඳහා කොහු අඹ, වල් අඹ, වලු අඹ හෝ ගිරා අඹ වැනි වර්ගයකට අයත් හොඳින් ඉදී ඇති ගෙඩි වලින් අඹ ඇට ලබා ගැනීම වඩා සුදුසුය.

පළමුව අඹ ඇටවල පිට පොත්ත ඉවත් කරන්න. මේ සඳහා ඇටයේ පහටිය ප්‍රදේශයෙන් පොත්ත කපා දෙපසට ඇදීමෙන් ඇතුලත ඇති මදය කොටසට හානියක් නොවනසේ ලබාගත හැකිය. අඹ ඇටයේ පහටිය ප්‍රදේශයෙන් කැපීම නිසා එහි විරුද්ධ කෙළවරෙහි ඇති අඹ බීජයේ කලලයට හානියක් සිදු නොවේ.

පිට පොත්ත ඉවත්කර ලබාගත් අඹ බීජ සමග අඹ ඇට ගුල්ලාද සිටිය හැකිය. එවිට බීජ තවාන් කළ පසු සම්පුර්ණයෙන් විනාශවීයාමට ඉඩ තිබේ. එනිසා බීජ සිටුවීමට පෙර ඩයිමීතොඒට් වැනි කෘමිනාශක ද්‍රාවණයක විනාඩි කිහිපයක් අඹ ඇට ගිල්වා තබා සිටුවන්න. කැප්ටාන් වැනි දිලීර නාශකයක්ද මෙම අවස්ථ‍ාවේදී භාවිතා කිරීම මගින් තවානේ ඇතිවිය හැකි දිලීර රෝග වලින් අඹ ඇට ආරක්ෂා වේ.

කෘමි නාශකයක හා දිලීර නාශකයක ගිල්වාගත් අඹ ඇට වැලි තවානක සිටුවා පැල වීමට ඉඩ සලස්වන්න. වැලි තවාන සඳහා සෙ.මී. 15-20 පමණ ඝනකම් වැලි තට්ටුවක් භාවිතා කරන්න. වැලි තවාන සකසා ගත යුත්තේ තරමක් සෙවන සහිත ස්ථානයකය. නමුත් අඹ හෝ අලිගැටපේර ගසක් යට වැලි තවාන නොදමන්න. එවිට මෙම ගස්වලට වැළඳිය හැකි සමහර දිලීර ‍රෝග වලින් තවාන් පැල ආරක්ෂා කරගත හැකිය.

වැලි තවානෙහි අඹ බීජ සිටුවිය යුත්තේ එකිනෙකට සෙ.මී. 15 - 20 පරතරයක් සහිත පේලි වලය. බීජවල වක් වී ඇති පැත්ත පහළට සිටින සේ බීජ තැම්පත් කරන්න. පේලිය තුල යාබද අඹ ඇට දෙකක් අතර සෙ. මී. 2- 3 පමණ පරතරයක් තිබීම ප්‍රමාණවත්ය.

බීජ සිටුවීමෙන් පසුව හැම විටම වැලි තවානෙහි තෙතමනය පවත්වාගන්න. සිටුවා දින 10 -14 දී බීජ පැලවේ. බීජ පැලවී සති 3 පමණ ගතවු පසුව පැල ගලවා පොලිතින් බඳුන්වල හෝ සකසාගත් වෙනත් තවානක හෝ සිටුවිය හැකිය.

බීජ පැල කර ගැනීම සඳහා වැලි වෙනුවට කොහුබත් මාධ්‍යයක් භාවිතා කරන්නේ නම් එහි නිවැරදි මටිටමට තෙතමනය පවත්වා ගන්න. තෙතමනය වැඩි වුවහොත් දිලීර රෝග නිසා ලපටි පැල විනාශවීමට ඉඩ තිබේ. වැලි තවානෙහි ඇති දැඩි කරගත් කුඩා අඹ පැල ඉන්පසුව එකවරම බඳුන් මිශ්‍රණයක් පුරවා ගත් පොලිතීන් මළු වල සිටුවිය හැකිය. නැතහොත් සකස් කරගත් ද්විතියික තවානක සිටුවිය හැකිය.

බඳුන්වල සිටුවීම

මේ සඳහා ගේජ් 200 පොලිතින් භාවිතා කර සෙ.මී. 20 (අඟල් 8) විෂ්කම්භය සහිත සෙ.මී. 30 (අඩි 1) උසැති බඳුන් සකසා ගන්න.

බඳුන් පිරවිම සඳහා මතුපිට පස්, දිරාපත්වු ගොම හෝ කොල පො‍හොර සහ වැලි සම ප්‍රමාණ වලින් එකිනෙක සමග මිශ්‍රකර මාධ්‍යය සකසා ගන්න. ඉහත මිශ්‍රණයේ කොටස් හතරකට කොහුබත් එක් ‍කොටසක් බැගින්ද කළවම් කර ගැනීම මගින් බඳුන් මිශ්‍රණයේ තෙතමනය රඳා පවත්වා ගැනීමේ හැකියාව දියුණු කරගත හැකිය.

මෙම බඳුන් මිශ්‍රණයෙන් පොලිතීන් බඳුන් පුරවා ගන්න. නමුත් බඳුනේ ඉහළ කෙළවර සිට සෙ.මී. 2 -3 පමණ පහළින් සිටින සේ පමණක් බඳුන් මිශ්‍රණයේ පුරවන්න. එවිට පැල සිටුවීමෙන් පසු බඳුනට දමන ජලය අපතේ යාම වලකී.

ද්විතියික තවානක සිටුවීම

වැලි තවානේ ගලවා ගන්නා පැල එකවරම බඳුන්වල සිටුවීම නොකරන්නේ නම් ද්විතියික තවානක සිටුවිය යුතුය. මේ සඳහා මතුපිට පස් සහ දිරාපත්වු ගොම පොහොර මිශ්‍රකරගත් මාධ්‍යයකින් පොළව මට්ටමේ සිට සෙ.මී. 20 පමණ උසැති පාත්ති සකසා ගන්න. මෙවැනි පාත්ති දෙකක් අතර හොඳින් ජලය බැසයාමට සැලැස්විම සඳහා පියවර ගන්න.

වැලි තවානෙන් ගලවාගන්නා පැල මෙසේ සකස් කරගත් ද්විතියික තවානෙහි දෙපේලි ක්‍රමයට පේලි 4ක සිටුවන්න. දෙපෙලි දෙක අතර පරතරය සෙ.මී. 45ක් විය යුතුය. දේපේලිය තුළ පැල සිටුවිය යුත්තේ සෙ.මී. 30ක පරතරයකින් ත්‍රිකෝණාකාර ක්‍රමයටය.

ද්විතියික තවානෙහි හෝ පොලිතින් බඳුන්වල සිටුවාගත් පැල මාස 7-8 ගතවු පසුව එනම් ඇගිල්ලක් පමණ කඳ විශාල වු පසුව බද්ධ කිරීම සඳහා සුදුසු තත්ත්වයට පත් වේ.

අනුජ තෝරා ගැනීම

උසස් ලක්ෂණ සහිත මව් ගස්වලින් පමණක් අනුජ ලබාගන්න. ප්‍රභේදයට ආවේණික ලක්ෂණ සහිත, වසරක් පාසා ඒකාකාර අන්දමට ඵල ගන්නා ගස් මේ සඳහා තෝරා ගන්න.

අඹ ගසේ ගෙඩි හටගන්නා අතුවලින් පමණක් අනුජ ලබාගත යුතුය. දිය රිකිලි මේ සඳහා යොදා ගැනීම සුදුසු නොවේ.

බද්ධ කිරීම සඳහා යොදාගනු ලබන්නේ අත්තේ අග්‍රස්ත අංකුරයට පහතින් ඇති අංකුරයක් සහිත පොතු කැබැල්ලකි. එසේ නැත‍‍හොත් අග්‍රස්ථ අංකුරයද සමග වු කුඩ‍ා අතු කැබැල්ලකි.

බද්ධ ක්‍රම

අඹ බද්ධ කිරිම සඳහා පැලැස්තර (පැච්) බද්ධය සහ රිකිලි බද්ධය යොදා ගනු ලැබේ. තෙත් කලාපය සඳහා පැච් බද්ධයද වියළි කලාපය සඳහා රිකිලි බද්ධය ද වඩා සුදුසුය.

රිකිලි බද්ධ සඳහා අංකුරය අවට ප්‍රදේශයේ ‍මේරූ පත්‍ර සහිත රිකිලි සුදුසුය. බද්ධ කිරීමට පෙර මෙම රිකිලි ඒ සඳහා සකස් කර ගත යුතුය.

මෙහිදී කරනු ලබන්නේ බද්ධ කිරීමට සතියකට පමණ පෙර රිකිල්ලේ සියළුම පත්‍ර කපා ඉවත් කිරීමයි. මෙලෙස සකසා ගත් රිකිල්ල අග්‍රස්ථ අංකුරයද සමග සෙ.මී. 10 -15 පමණ දිග කැබැල්ලක් වන ලෙස කපා ගන්න. එහි පහළ කෙලවර කුඤ්ඤයක් ආකාරයට සකසා ගන්න. ග්‍රාහක පැලයේ කොල තට්ටුවට ඉහළින් අනුජයේ ප්‍රමාණයට සමාන වැඩීමක් ඇති ස්ථානයකින් කඳ කපා දමන්න.

ඉන්පසු මෙම ස්ථානයෙහි කඳ ප්‍රවේශමෙන් පලන්න. සකස් කරගත් අනුජයේ උල් හැඩැති පහල කොටස ග්‍රාහක කදෙහි පැල්ම තුලට ඇතුල් කර එම ස්ථානය පොලිතින් පටිවලින් හොඳින් තදවනසේ වෙලන්න.

බද්ධ කර ඇති ග්‍රාහකය වියළී යාම වලක්වා ගැනීම සඳහා එය පොලිතින් උරයකින් ආවරණය කරන්න. නැතහොත් ප්‍රොපගේටරයක තැන්පත් කරන්න. මෙවැනි පියවර ගැනීම නිසා රිකිලි බද්ධයේ සාර්ථකත්වය වැඩි කර ගත හැකිය.

අංකුර බද්ධය සඳහාද අංකුරයක් සහිත පොතු කැබැල්ලක්, තෝරාගත් මව් ගසක ඵල හටගන්නා අත්තකින් ගලවා ගන්න.

ග්‍රාහකයේ පොළව මට්ටමේ සිට සෙ.මී. 20 -25 පමණ ඉහළින් කදෙහි සුදුසු ස්ථානයකින් පොතු කැබැල්ලක් ගලවා ඉවත් කරන්න. ගලවා ගත් අංකුරය සහිත පොතු කැබැල්ල, කදෙහි පොතු කැබැල්ල ගලවාගත් ස්ථානය තුලට ඇතුල් කර පොලිතීන් පටිවලින් තදින් වෙලන්න.

බද්ධය සාර්ථක කර ගැනීම සඳහා ග්‍රාහකයේ කැපුමට බොහොදුරට සමාන හැඩයෙන් හා ප්‍රමාණයෙන් යුතුව අනුජයේ අංකුර සහිත පොතු කැබැල්ලක් ලබාගත යුතුය.

ප්‍රාථමික තවානෙන් ලබා ගන්නා පැල එකවර බඳුන්කර පසුව බද්ධ කිරීම මගින් මාස 7- 8 දී සිටු වීම සඳහා සුදුසු බද්ධ පැල නිපදවා ගත හැකිය. නමුත් වැලි තවානේ පැල නැවත පාත්තියක් සකසා එහි සිටුවා බද්ධ පැල නිපදවා ක්ෂේත්‍රයේ සිටුවීමට සිදුසු තත්ත්වයකට පත් කර ගැනීම සඳහා මාස 16 පමණ කලක් ගත වේ. ඒ නිසා එවැනි පැල සඳහා නිෂ්පාදන වියදම ද වැඩි වේ.

බද්ධ පැල සකසා ගැනීම

  • බීජ සිටුවීමට පෙර අඹ ගුල්ලන් මර්ධනය සඳහා ලෙබසිටිඩ් මිලි ලීටර් 1-5 ප්‍රමාණයක් වතුර ලීටරයක් දියකර විනාඩි 5 ක් තබන්න.

අඹ වගාවේ රෝග
තවානේ රෝග

  1. අඹ පැල මියයාම සහ පාමුල කුණුවීම සිදුවේ. මෙම රෝගී තත්ත්වය දක්නට ලැබෙන විට හෝමයි දිලීර නාශකය ග්‍රෑම් 14 ක් ජලය ලීටර් 10 කට දියකර බඳුන් වලට යෙදිය යුතුය.
  2. බද්ධ පැල වල අනුජ හා දළු මියයාමටද බොහෝ විට දිලීර රෝග කාරකයන් හේතු වේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා තෝරාගත් අනුජයන් මව් ගසින් ඉවත් කිරීමට දින 2-3 කට පෙර මැන්කොසෙබ් 80 Wp ග්‍රෑම් 20 ජලය ලීටර් 10 කට හෝ ක්ලෝරොතැලොනිල් 500 Sc මිලි ලීටර් ජලය ලීටර් 10 දියකර පූර්ව ප්‍රතිකාර කිරීම සුදුසු වේ.

ඇන්ත්‍රැක්ස්නෝස් රෝගය
Fruits_Mango_antrac1Fruits_Mango_antrac2

කොලොටොට්‍රිකම් ග්ලොයෙස්පොරියෝඩ්ස් දිලීරය නිසා ඇති වන රෝගයකි. ශ්‍රී ලංකාවේ අඹ වගා කරනු ලබන සියලුම ප්‍රදේශ වල මෙම රෝගය දක්නට ලැබේ. එය පත්‍ර මල් පොකුරු සහ සියලුම වර්ධන අවස්ථාවල පැවතිය හැකි අතර ගෙඩි වලටද වැලදිය හැක.
රෝග ලක්ෂණ

පත්‍ර වල කුඩා තද දුඹුරු හෝ කළු ලප ඇති වේ. මෙම ලප විශාල වී එකිනෙක සමඟ සම්බන්ධ වීම නිසා අක්‍රමවත් හැඩයෙන් යුතු කළු දුඹුරු පැහැති රෝග ලප ඇති වේ. අලුතින් හටගන්නා පත්‍ර රෝගයට පහසුවෙන් ගොඳුරු වේ. මල් වලට වැලදුන විට මල් කළු පැහැගැන්වී වියළී යයි. මල් පොකුරක ඇති සියළුම මල් මේ නිසා විනාශ විය හැක. වර්ෂා කාලයේදී මේ බීජාණු සේදී ගෙඩි මතද සොදා පැමිණ ගෙඩි වලද රෝග ලප ඇති වේ. අවු ගෙඩි වල අක්‍රීය ස්වභාවයෙන් ජීවත් වන මෙම දිලීරය ගෙඩි ක්‍රමයෙන් ඉදීමේදී වර්ධනය වීමට පටන් ගනී. උග්‍ර අවස්ථාවේදී මාංසලයටද විහිදී යයි.

පාලනය
  • ගස තුලට හොඳින් හිරුඑළිය වැටිමට සැලැස්වීම.
  • නිතර රෝගයට පාත්‍රවන ගස්වල මල් හටගැනීමට ආසන්න අවස්ථාවේදීත් මල් හටගත් පසුත් මැන්කොසෙබ් 80% W P දිලීර නාශකය යොදන්න. (ග්‍රෑම් 20ක් ජලය ලීටර් 10 ක)
  • නෙලාගත් අඹ ඒත්රල් යොදා ඉක්මනින් ඉදවා ගන්න.

අඹ ඉහටිය කුණුවීම

මල් හා වැඩෙන ගෙඩි වෙත දිලීර බීජාණු ව්‍යාප්ත වීම නිසා අස්වැන්න නෙලීමට පෙර මෙම රෝග කාරක ගෙඩි මත අක්‍රීයව ජීවත් වීමට පුළුවන. රෝග ලක්ෂණ පැහැදිලිව දකගත හැක්කේ ගෙඩිය ඉදීමට පටන් ගන්නා විටදීය. ගෙඩියේ නටුව ආසන්න ප්‍රදේශයේ දුඹුරු පැහැති රෝගී පැල්ලම් හටගෙන ඒවා ගෙඩියේ පහල කොටසට ව්‍යාප්ත වේ. මේ නිසා මතුපිට පොත්ත මෙන්ම ඇතුලත මදයද කුණු වී යයි. රෝගී අඹ වලින් දුර්ගන්දයක්ද වහනය වේ.

පාලනය

  • මල් හටගැනීමට ආසන්න අවස්ථාවේදීත් මල් හටගත් පසුවත් මැන්කොසෙබ් 80% W p යොදන්න.
  • අඹ ගස් අසල පත්‍ර හා වියලි අතු ආදිය දිරාපත් වීමට ඉඩනොදෙන්න.
  • නිසි ලෙස මෝරා නැති ගෙඩි නෙලා ගැනීමෙන් වලකින්න.
  • හොඳින් මේරූ ගෙඩි ඒත්රල් යොදා ඉක්මනින් ඉදවා ගන්න.

පත්‍ර පුල්ලි දිලීර රෝගය
Fruits_Mango_pathrapulli


  • පත්‍ර මත අක්‍රමවත් හැඩති සුදු අළු පැහැති පුල්ලි දැකිය හැකිය.

බැක්ටීරියා නිසා ඇතිවන පත්‍ර පුල්ලි රෝගය

  • පත්‍ර මත කෝණාකාර ඉහලට එසවුනු කළු පැහැ පුල්ලි ඇති වේ.

ඇල්ගී හේතුවෙන් ඇතිවන පත්‍ර පුල්ලි රෝග

  • පත්‍රමත සුදු අළු පැහැති පුල්ලි ඇතිවේ.

පාලනය

  • දිලීර පත්‍ර පුල්ලි රෝගය මැන්කොසෙබ් වැනි දිලීර නාශකයක් යෙදීම
  • අතු කප්පාදුව මඟින් හොඳින් හිරුඑළිය වැටීමට සැලැස්වීමෙන් බැක්ටීරියා හා ඇල්ගී වලින් ඇතිවන පත්‍ර පුල්ලි රෝග වලක්වා ගත හැක.

ස්කැබ් රෝගය
Fruits_Mango_scab
රෝග ලක්ෂණ
  • අමු ගෙඩි මත දුඹුරු පැහැ පැල්ලම් ඇති වන අතර අඹ ගෙඩියේ පොත්ත පුපුරා ඇති ස්වභාවයක් පෙන්වයි.
පාලනය
  • ගසට හොඳින් හිරුඑළිය ලැබීමට සැලැස්වීම
  • තඹ අඩංගු දිලීර නාශකයක් ඉසිම

අඹ වගාවේ පළිබෝධ පාලනය
පළතුරු මැස්සා

ප්‍රධාන පළිබෝධක හානිය මෙය වේ. හානිය අවම කර නොගතහොත් එය කෙලින්ම අස්වැන්නට බලපායි.

හඳුනාගැනීම

මේරූ අඹ ගෙඩිවල පලතුරු මැස්සන් බිත්තර දැමීමට සිඳුරු කිරීම නිසා එම ස්ථාන වලින් කිරි වෑස්සීම දක්නට ඇත. එම ගෙඩි ඉදුණු විට ඉහද පණුවන් දැකිය හැක. මේ හානිය නිසා ගෙඩි කුණුවී යාමටද පටන් ගනී. හානිය පවතින විට අඹ ගස් අවට සැරිසරන දීප්තිමත් කහ පැහැති ඉරි සහිත රතු දුඹුරු පැහැති මැස්සන් දැකිය හැක.

පාලනය
Fruits_Mango_pro-ama


  • පලතුරු මැස්සාගේ සීග්‍ර වර්ධන හැකිතාත් වැඩි ධාරක පරාසයක් දුර පියෑඹීමේ හැකියාවන් නිසා මර්ධනය අපහසුය.
  • වගාව පිරිසිදුව තබා ගැනීම හානි වූ ගෙඩි මල්ලකට දමා හිරුඑළිය වැටෙන ස්ථානයක තැබීම.
  • වෙළදපොලේ ඇති මීතයිල් ඉයුජිනෝල් අඩංගු ඇම ක්ෂේත්‍රයේ තැනින් තැන තැබීම.
  • ගැහැණු මැස්සාගේ ගහණය අවම කර ගැනීමෙන් හානිය සෘජුවම අඩුකල හැකි අතර මේ සඳහා ඇම යොදාගත හැක. කෘමිනාශක මිශ්‍රකල පලතුරු යුෂ සහ සීනි වලින් සකස් කල විවිධ ඇම සකස්කර ගත හැක. මීට අමතරව ප්‍රෝටීන් මිශ්‍ර ඇම යෙදීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක. මෙහි මූලධර්මය වන්නේ ගැහැණු මැස්සාට ලිංගිකව පරිනත තත්ත්වයට පත්වීම සඳහා මුල්දින 10 තුලදී ලබාගත යුතු ප්‍රෝටීන ආහාර මේ ඇමෙහි අඩංගු නිසා ඔවුන් එයට ආකර්ශනය වීමයි. ආකර්ෂනය වන කෘමීන් විනාශ කිරීමට එයට කෘමි නාශකයක් භාවිතා කරයි. මෙහිදී ප්‍රෝටීන ඇම මිලිලීටර් 35 ජලය ලීටර් එකකට මිශ්‍ර කොට සාදා ගන්නා මිශ්‍රණය උදේ 8.00 ට පමණ අඹ ගස්වල පහත අත්තක පත්‍රවලට කුඩා ස්ප්‍රේ යන්ත්‍රයක් මඟින් සතියට වරක් ගෙඩි මේරීම ආරම්භයේ සිට අස්වනු නෙලීම අවසන් වන තුරු යෙදීම නිර්දේශ කෙරේ.
  • ප්‍රසස්ථ තත්ත්වයට මේරූ පසු ගෙඩි නෙලාගත යුතුය.
  • ගෙඩි ආවරණය කිරීමද පලතුරු මැස්සා මර්ධනය කිරීම සඳහා යොදාගත හැකි තවත් ක්‍රමයකි.

අඹ කීඩෑවා

දළු මල් නොමැති කාලයට කද පහල කොටස්වල සහ හිරුඑළිය නොවැටෙන පත්‍රවල සමූහ වශයෙන් සිටින සුහුඹුලන් සුලු බාධා කිරීමකදී පවා ක්ෂණිකව ඉගිල යාමේදී පත්‍රවල වැදීම නිසා ඇති වන ශබ්දය මොවුන් සිටින බවට හොඳ සාක්ෂියකි. වියළි කාලයක් සමඟ ඇතිවන දළු සහ මල් කිනිති වලට සංක්‍රමණය වන සුහුඹුලන් ඒවායේ බිත්තර තැම්පත් කරයි. පිටවන ශිෂුවන් සහ සුහුඹුලන් දළු සහ මල් කිනිති වලින් අධික ලෙස යුෂ උරාබීම නිසා ඒවායේ දුඹුරු පැහැති කුඩා තිත් ඇතිවී පසුව දුඹුරු පැහැ ගැන්වී වියලී යයි. මෙවැනි දළු මල් පහසුවෙන් ඇන්ත්‍රැක්ස්නොස් වැනි ආසාදනයන්ට ලක්විය හැක. මේ නිසා වියළි කලාපයයේ ඇතිවන මල් පිලිස්සී යාම සිදුවිය හැක. මොවුන් අපද්‍රව්‍ය ලෙස පිටකරන සීනි ද්‍රවණය පහලින් ඇති පත්‍ර මත පතිතවී තිබෙනු දැකිය හැකි අතර පසුව ඒවා මත කළු පැහැති පුස් වර්ගයක් වර්ධනය වීම නිසා ශාකයේ ආහාර නිෂ්පාදන හැකියාව අඩුවිය හැක.

පාලනය

  • අනවශ්‍ය අතු ඉවත් කර ශාකයේ කද ප්‍රදේශයට හිරුඑළිය වැටීමට සලස්වන්න.
  • දළු හා මල් හට ගැනීමට පෙර ශාකයේ කද සහ පත්‍රවල සිටින සුහුඹුල් සතුන් හට කෘමිනාශක යෙදිය යුතුය. මේ සඳහා ඉම්ඩැක්ලෝප්‍රිඩ් (ඇඩ්මයර් 200 S L) මිලිලීටර් 10ක් ජලය ලීටර් 10 හෝ තයමෙතොක්සැම් 25% (ඇක්ටාරා 25 WG) ග්‍රෑම් 5ක් ජලය ලීටර් 10 කට මිශ්‍රකොට යෙදීම නිර්දේශ කර ඇත.

අඹ ඇට ගුල්ලා
Fruits_Mango_atagulla

අඹ ඇට ගුල්ලා අඹ ගෙඩිවලට හානි කරන ප්‍රධාන පලිබෝධකයකි. හානිය සිදුවන්නේ බිත්තරයෙන් පිටවන කීටයන් ගෙඩියේ මාංශල කොටස සිදුරුකර ඇටය තුලට ගොස් කළලය විනාශ කිරීම නිසාය. එම නිසා එම ඇටවලින් පැල ලබාගත නොහැක. කුඩා කාලයේදී බිත්තර දැමීම සිදුකලහොත් ගෙඩි අකාලයේ හැලීයා හැක.

පාලනය
  • වගාව පිරිසිදුව තබා ගැනීම සහ වැටී ඇති අඹ ගෙඩි සහ ඇට එකතු කර විනාශ කිරීම.
  • අඹ මල් හටගැනීමට පෙර ගසේ කද ප්‍රදේශයට හෝ කුඩා ගෙඩි ඇතිවන විට ඩයිමෙතොඒට් 40 E C මිලි ලීටර් 30ක් ජලය ලීටර් 10 කට මිශ්‍රකර බලවේග ඉසිනයකින් යෙදීම මිශ්‍රකර ඇත.

කොළ කපන ගුල්ලා
ලපටි පත්‍රයේ අපර කොටසේ මධ්‍ය නාරටිය ආසන්නයේ බිත්තර දමන ගැහැණු සතා පත්‍රය නටුවේ සිට සෙන්ටි මී‍ටර් 4-5 පමණ දුරින් හරස් අතට කපා දමයි. විශේෂයෙන් තෙත් කලාපයේ අඹ පැල වලට මොවුන්ගේ හානිය තදින් බලපායි. නොමේරූ පත්‍ර විනාශ වීම නිසා ශාකයේ ආහාර නිෂ්පාදනය අඩුවී වර්ධනය බාලවේ.

පාලනය

  • බිත්තර සහිත කපා දැමූ පත්‍ර දිනපතා එකතුකර පුළුස්සා දමන්න.
  • බිම් පෙරලීම මඟින් පස තුල සිටින පිලා අවස්ථාව විනාශ කිරීම.
  • ඩයිමෙතොඒට් 40 E C (මිලි ලීටර් 40 ජලය ලීටර් 10 කට දියකර යෙදිම නිර්දේශ කරඇත.

අඹ කද විදින කුරුමිණියන්

දිග ස්පර්ෂක සහිත දුඹුරු සහ කහ රතු තිත් සහිත මෙම කුරුමිණියා සෙන්ටි මීටර් 4 - 5 පමණ දිගය. අඹ පත්‍ර, දළු ආදිය රාත්‍රී කාලයට ආහාරයට ගනී. නමුත් ප්‍රධාන හානිය සිදුවන්නේ කීටයා කදෙහි විශාල සිදුරු ඇතිකොට එහි පෝෂණය වීම නිසා ගස ඉහල ප්‍රදේශය ක්‍රමයෙන් මැරී යාම නිසාය. හානිකල ගස් මුල ප්‍රදේශයේ ලී කුඩු වැටී තිබෙනු දැකිය හැකි අතර සුහුඹුල් සතුන් පිටව ගිය විශාල සිදුරුද දැකිය හැක.

පලනය

  • හානිය දුටු විගස සුමිසුඩින් 75 E C හෝ ඇම්බුෂ් 25 E C වැනි කෘමිනාශකයක් හානිකල කද ප්‍රදේශය තෙමී යන ආකාරයට යෙදිය යුතුය.

පිටි මකුණා
Fruits_Mango_pitimakuna

ගැහැණු සුහුඹුලන් පැතලි කවාකාර හැඩයක් ගන්නා අතර ශරීරය පිටි වැනි දුව්‍යකින් වැසී ඇත. ශිශුවන් හා සුහුඹුලන් යුෂ උරාබීම නිසා මල් හා ගෙඩි හැලීයාම සිදු වේ. ගහනය වැඩි අවස්ථාවක පිටකරන සීනි ද්‍රවනයන් පත්‍රමත පතිත වී කළු පැහැති දිලීර වැඩීම සිදුවී ආහාර නිෂ්පාදනය අඩු වේ. රතු කුහුඹුවන් හා ඇබලයන් මඟින් ව්‍යාප්ත වෙයි.

පාලනය

  • මුල් අවස්ථාවේදීම කඩා පුළුස්සා දමන්න.

පැල මැක්කා
මේ කෘමීන් නිසා දළුවලට හානි සිදුවිය හැකිය. විශේෂයෙන් දළු වර්ධනය වීමේදී යටි පැත්තේ කළු පැහැති තිත් ලෙස මොවුන්ගේ හානිය දැකිය හැක. මේ නිසා දළු හා නොමේරූ පත්‍ර විශාල ලෙස හැකිලී යයි.

පාලනය

  • විශාල ලෙස ඇතිවිට ඇඩ්මයර් 200 S L මිලිලීටර් 10 ක් ජලය ලීටර් 10 ක දියකර පත්‍ර වලට ඉසින්න.

වේයන්

වියළි කාලවලදී වේයන්ට අඹ ගස දුර්වල කොට මරා දැමීමට පුළුවන. මුල් හා කදට හානිකරයි.

මර්ධනය

  • ලෝස්බෑන්ඩ් 40 E C මිලිලීටර් 50 - 250 ජලය ලීටර් 10 දියකර යෙදීම හෝ
  • ඇඩ්මයර් 200 S L මිලිලීටර් 10 ජලය ලීටර් 10 දියකර ගසේ පාමුලට යෙදීම.

මයිටාවන්

මොවුන් නිසා අග්‍රස්ථ අංකුර වර්ධන නැතිව කොළ හැලී අංකුර වියලී යාම සහ ගෙඩි දුඹුරු පාටවී ඉතිරිලා යාම සිදු වේ. හානිකල ගෙඩිවල වර්ධනය අඩුවන අතර අලවියට නුසුදුසුය.

කොරපොතු කෘමීන්

යුෂ උරාබීම සහ විෂ සහිත යුෂ පිටකිරීම නිසා අග්‍රස්ථ අංකුර පත්‍ර ආදියට හානි සිදු වේ. පත්‍රවල යටි පැත්තේ සහ උඩු පැත්තේ ගෙඩිවලට ද ඇලි සිටිනු දැකිය හැක. විශාල වශයෙන් හානි සිදුකළහොත් පත්‍ර හැලීයන අතර වර්ධනය බාලවී ක්‍රමයෙන් ශාකය දුර්වල වීම සිදු වේ. විශාල ලෙස සීනි ද්‍රවනයක් පිටකරන නිසා ඒවා පහල පත්‍රමත තැම්පත්වී ඒවා මත කළු පුස් වර්ධනය වී ආහාර නිෂ්පාදනය අඩුවේ.

පාලනය

  • ස්වභාවික සතුරන් මඟින් පාලනය වේ.

අඹ අස්වනු නෙලීම සහ පශ්චාත් අස්වනු පාලනය
අප රටෙහි අඹ ප්‍රභේද රාශියක් ඇති අතර ඒවායේ හැඩය පොත්තේ වර්ණය, රසය හා සුවඳ ප්‍රභේදයට ආවේණිකය. නමුත් විවිධ හේතුන් නිසා හොඳ තත්ත්වයේ අඹ වෙළඳපොලෙන් ලබාගැනීම අසීරුවී ඇත. මෙයට හේතුව නියම මේරීමේ අවස්ථාවට එළබීමට පෙර අස්වනු නෙලීම සිදුකිරීමයි. තවද පශ්චාත් අස්වනු ලෙඩ රෝගවලට (ඇන්ත්‍රැක්නොස් සහ නටුඅග කුණුවීමේ රෝගයට) අධික ලෙස පාත්‍රව තිබිම නිසාද ඉදුණු අඹ විශාල ලෙස අපතේයෑම, ගුණාත්මය අඩුවීම සිදු වේ. මීට අමතරව නියම ආකාරයට අස්වනු නෙලීම හා ප්‍රවාහනය ‍නොකරන බැවින්ද අස්වනු හානිය සිදුවේ. නියම ආකාරයට අස්වනු නෙලීම සිදුනොකල විට කැඩූ ගෙඩි වල නටුවෙන් වෑස්සෙන කිරි පොත්ත මත තැවරීම නිසා ඉදීමේදී බහුලව කුණුවීමට භාජනය විය හැක.

මේනිසා අස්වනු නෙලීමෙන් පසු ඇසිරීම, ප්‍රවාහණය සහ ඉදවා ගන්නා ක්‍රමයද හොඳ ප්‍රමිතියේ අඹ ලබාගැනීම සඳහා වැදගත්ය.

අස්වනු නෙලන අවධිය
නෙලා ගැනීම සඳහා සුදුසු මේරීමේ අවස්ථාව තෝරාගත යුතුය. විලාඩ් වර්ගයේ අඹවල ඇතිවන රතු පැහැයට හුරු රෝසපාටින් මේරීමේ අවස්ථාව තීරණය කළ හැක. අනිකුත් වර්ගවල මේරීමේ අවස්ථාව තීරණය කිරීමට පහත කරුණු වැදගත්ය.
  • උරහිස් ඉස්සුනු ස්වභාවය වැඩිවීම.
  • පොත්තේ දිලිසෙන ස්වභාවය නැතිව යාම.
  • නටුවෙන් කැඩුණූ විට වෑස්සෙන කිරි ප්‍රමාණය අවම වීම.
  • මේරූ ගෙඩි ජලයේ ගිලේ හෝ ගිලෙමින් පාවේ.
  • මාංශලය කහ හෝ තැබිලි පැහැයට හැරීම.
  • කෙදි මනාවට වර්ධනය වී තිබීම.

අස්වනු නෙලීම
Fruits_Mango_nalema

අඹ කිරිවලින් ඇතිවන හානි අවම කරගැනීමට කිරි අඩුවෙන් වෑස්සෙන කාලය වන පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුල අස්වැන්න නෙලීම කලයුතුය. වැසි සහිත දිනවල අස්වනු නෙලීම එතරම් සුදුසු නැත. අස්වනු නෙලීමට මල්ලක් සවි කරන ලද කෙක්කක් භාවිතා කළ යුතුය. තවද නෙලනලද ගෙඩි වල නටුවෙන් ස්වභාවිකව වෙන්වන තැනින් කඩා නටුව පහලට සිටින සේ හරවා තැබීමෙන් කිරිවලින් වන හානිය අඩුකරගත හැක.

තේරීම හා වර්ග කිරීම

කෘමි හා යාන්ත්‍රික හානි නිසා කැලැල් ඇති දුර්වර්ණවූ අසාමාන්‍ය හැඩයෙන් යුත් ප්‍රමාණයට වඩා කුඩා ගෙඩි තෝරා ඉවත් කල යුතුය. එකම ප්‍රභේදයේ වුවද විවිධ ප්‍රමාණයේ ගෙඩි හටගන්නා බැවින් කුඩා මධ්‍යම හා විශාල ලෙස ශ්‍රේණිගත කොට වෙලදපොල සඳහා ඉදිරිපත් කිරීමෙන් ඉහල මිලක් ලබාගත හැකි අතර ප්‍රවාහණයේදී ඇතිවන හානිද අවමකර ගත හැකිය.

ඇසිරීම හා ප්‍රවාහනය
Fruits_Mango_packing

ලෑලි වලින් හෝ ප්ලාස්ටික් වලින් තනන ලද එකමත එක පැටවිය හැකි පෙට්ටි ඇසුරුම් වශයෙන් භාවිතා කිරීම සුදුසුය. පෙට්ටියේ පතුලට හා පැති වලට අතුරුණුවන් දමා ගෙඩි වලට හොඳ වාතාශ්‍රයක් ලැබෙන පරිදි ඇසිරීම කළ යුතුය.

උණුවතුර ප්‍රතිකාරය

බහුලව වැලදෙන ඇන්ත්‍රැක්ස්නොස් නටුව අඟ කුණුවීමේ රෝගය වැලැක්වීම සඳහා අඹ කැඩූ විගසම විනාඩි 03-05 ක් 50 oC ක් උෂ්ණත්වයක් ඇති ජලයේ ගිල්වා තබා පවනේ වේලා ගැනීමෙන් ඉහත රෝග තත්ත්වයෙන් බොහෝ දුරට අඩුකර ගත හැක.

අඹ ඉදවීම
එත්රල් යොදා අඹ ඉදවීම

පලතුරු ස්වභාවිකවම නිපදවන එතිලින් නම් වායුව නිසා ඒවායේ ඉදීම උත්තේජනය වේ. මේ සිද්ධාන්තයට අනුව අපට බාහිරට එතිලින් වායුව සැපයීය හැකි නම් පලතුරු ඉක්මනින් ඉදවා ගැනීමට හැකිවේ. එතිලින් වායුව අප රටෙහි නිෂ්පාදනය නොකරන නිසාත් ආනයන කිරීමේදී අධික මිලක් ගෙවීමට සිදුවන නිසාත් පලතුරු ඉදවීමට එතිලින් වායුව භාවිතා කිරීමේ හැකියාව ඉතා සීමිතය. නමුත් පහසුවෙන් එතිලින් නිපදවා ගැනීමට හැකි ඉතා ලාභදායි ක්‍රමයක් ලෙස එත්රල් නැමති රසායනික ද්‍රව්‍ය එතිලින් වායුව පහසුවෙන් නිපදවීම සඳහා භාවිතා කල හැකිය. මෙය ක්‍රම 2 කි.

පළමු ක්‍රමය

  • වායුව හුවමාරු නොවන සේ වැසිය හැකි හෝ ආවරණය කල හැකි බඳුනක්, පෙට්ටියක් හෝ කවරයක්
  • එත්රල් මිලිලීටර් 01 ජලය ලීටරයක දියකර සාදාගත් ද්‍රවනයක්
  • හුණු ග්‍රෑම් 10 ජලය ලීටරයක දියකර සාදාගත් ද්‍රවනයක්

ඉදවීමට අවශ්‍ය පලතුරු කුටිය තුල අසුරන්න. මේ කුටීරයේ අවකාශයෙන් 1/5 ඉඩ ප්‍රමාණයක් හිස්ව තබා පලතුරු ඇසිරීම කල යුතුය. භාවිතා කරන කුටීරයේ පරිමාව ගනනය කරන්න.

කුටීරයේ සෑම ඝන මීටර් එකකටම සාදාගත් ඒත්රල් ද්‍රවනයෙන් මිලි ලීටර් 110-150 ක් බැඟින් භාවිතා කල යුතුවේ. ඒත්රල් ද්‍රවණය ප්ලාස්ටික් හෝ මැටි බඳුනක දමා එය එම පලතුරු ඇසුරූ කුටීරයේ කෙලවරක තබන්න. ඒත්රල් ද්‍රවනයෙන් එතිලින් නිපදවීම ඇරඹීම සඳහා හුණු ද්‍රවනය ඊට එකතු කරන්න. අවශ්‍ය හුණු ද්‍රවන ප්‍රමාණය ගනනය කරන්නනේ කුටීරයේ ඝන මීටර් 01කට හුණු ද්‍රවනය මිලිලීටර් 185 බැඟිනි. හුණු ද්‍රවණය දැමූ විගසම මූඩිය හෝ දොර වැසීම කල යුතුය.

පැය 24 ක කාලයකට පසු බඳුන් හෝ කුටීරය විවෘත කර පලතුරු ඉදීමට වාත්‍රශ්‍රය ලැබීමට සලස්වන්න. ඉදීම සිදුකරන සෑම වාරයක් පාසාම අලුතින් එත්රල් යෙදීම අවශ්‍ය නොවේ.

පිලියල කරගත් එත්රල් දුඹුරු පැහැති බෝතලයකට දමා මාස කීපයක් වුවත් ගබඩා කර තිබිය හැකිය.

දෙවන ක්‍රමය

එත්රල් මිලි ලීටර් 01 ජලය ලීටරයක දියකර ගන්න. මේ ද්‍රවනය සෙන්ට්‍රිගේට් අංශක 50 දක්වා රත්කර ගන්න. මේ උෂ්ණත්වයට රත්වූ පසු අත දැමිය හැකි අතර, වැඩි වේලාවක් තබාගත නොහැක. අලුතින් කැඩූ අඹ දැල් මල්ලක බහා අඹ ගිල්වෙන පරිදි අඹ භාජනය පතුලේ නොගෑවෙන පරිදි අල්ලා සිටිය යුතුය. මේ ආකාරයට විනාඩි 04 ක් ගිල්වා තබා ඉවතට ගෙන අඹ වල වතුර වියළුනු පසු පැය 24 ක් කාලයක් වසා තබන්න. තව දින තුනකින් අඹ පැහැපත් ලෙස ඉදී පාරිභෝජනයට සුදුසු තත්ත්වයට පත්වේ.

තුන්වන ක්‍රමය

ඒත්රල් මිලි ලීටර් 01 ජලය ලීටරයක දියකර ගන්න. පැසුණු අඹ තනි තට්ටුවකට අසුරා ඒ මත මෙම ද්‍රවණය ගෙඩි යාන්තමින් තෙත් වනසේ ඉසින්න. එයට මතින් දෙවෙනි සහ තෙවෙනි තට්ටුවද තබා පෙර පරිදීම ඒත්රල් ද්‍රාවණය ඉසින්න. මෙම බඳුන පැය 24 ක කාලයක් පත්තරවලින් වසා තබන්න. තව දින දෙකකින් ඉදීම සිදුවේ.


No comments:

Post a Comment