Tuesday 6 August 2013

වට්ටක්කා



වට්ටක්කා
කියුකබ්ටා මැක්සිමා
Cucurbita maxima
කුලය - කුකර්බිටේසි

ශ්‍රි ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය එළවළු බෝගයකි. මෙය විවිධ ආකාරයට ආහාර සදහා සකසා ගත හැකිය. අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගත හැකි වීමත්, හොදින් මේරූ ගෙඩි සෑහෙන කාලයක් සාර්ථකව ගබඩාකරගත හැකි වීමත් මෙම බෝගයේ විශේෂ ලක්ෂණ වශයෙන් සැලකිය හැකිය.

නිර්දේශිත ප්‍රභේද
ඒ. එන්. කේ. රුහුණු

Pumpkin_ANK_pum
ගෙඩි ඒකාකාරී හැඩයකින් යුක්තය. ප්‍රමාණයෙන් කුඩාය. (කිලෝ ග්‍රෑම් 2 -2 ) කෙටි කාලීන ප්‍රභේදයකි. (මාස 2 -2) කෙටි වර්ෂා කාලයක් වගා කිරීමට යෝග්‍යයි. කුඹුරු ඉඩම්වල, කන්න අතර කාලයේ ද වගාවට සුදුසුය. පිට පොත්ත ඝනය, මදය කහ පාටය. ප්‍රවාහනය කිරීමට ඉතා යෝග්‍ය වේ.

දේශීය වර්ග
හැඩය හා ප්‍රමාණය විවිධාකාරය.
වර්ෂා ජලයෙන් නම්, කන්නයට පමණක් වගාකල හැකිය.
මදයේ පැහැය, කහ සිට තැඹිලි දක්වා වෙනස් වේ.

දේශගුණික අවශ්‍යතා
මුහුදු මට්ටමේ සිට මීටර් 500 දක්වා වු ප්‍රදේශවල වියලි හා අතරමැදි කලාපයේ වගාකල හැකි බෝගයකි.

පස
හොදින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක හොදින් වැවේ. යෝග්‍ය පී. එච්. පරතරය 5.5 - 7.5 වේ.

බිම් සැකසීම
සෙන්ටි මීටර් 20 - 30 ගැඹුරට පස පෙරලා තරමක් රළු වයනයක් ඇතිවන පරිදි කැට පොඩිකර ගන්න. දිග පළල හා ගැඹුර සෙන්ටි මීටර් 30 බැගින්වන පරිදි වලවල් සකස්කර ගන්න.

දිරූ කාබනික ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ක් එක් වලකට එකතුකර මතුපිට පස සමග මිශ්‍ර කරන්න. ඒ මිශ්‍රණයෙන් පොළොව මට්ටමේ සිට සෙන්ටි මීටර් 10 ක් උසට වල පුරවන්න.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට බීජ කිලෝ ග්‍රෑම් 1 යි.

සිටුවීමේ කාලය
රුහුණු වර්ගය
ජලය සැපයීමකල හැකිනම් ඕනෑම කාලයක සිටුවීම කලහැක.

දේශීය වර්ග
නියම කන්නයට වගා කිරීම වඩා සාර්ථකය.

බීජ සිටුවීම
යල - මැයි මසදී
මහ - ඔක්තෝම්බර් මසදී

පරතරය
ඒ. එන්. කේ. රුහුණු - මීටර් 2.5 x 2.5
දේශීය වර්ග - මීටර් 3 x 3

වල් පැලෑටි පාලනය
පැලවී සති 03 කින් වල් නෙලීමකර (අතින් වල් නෙලීම වඩා සුදුසුයි) වසුනක් ලෙස පිදුරු යොදන්න.

පොහොර යෙදීම
යෙදිය යුතු කාලයයූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර්
පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර7519560
පැල මතුවී සති 4 පසු75-60
පැල මතුවී සති 8 පසු75-60

ජල සම්පාදනය
බීජ පැලවී අවසන් වනතෙක් දිනපතා ජලය යොදන්න. පසුව දින 5-7 ට වරක් ජලය යෙදීම සෑහේ.

රෝග පාලනය
යටි පුස් රෝගය

මෙම දිලීර රෝගය නිසා පත්‍ර මත කහ පැහැති කෝණාකාර පුල්ලි ඇති වේ. පත්‍ර දුඹුරුපැහැ ගැන්වී හැකිලී යයි. පත්‍ර යටි පැත්තේ අලු පැහැති බීජානු සමූහ දක්නට ලැබේ.

පිටි පුස් රෝගය
දිලීරයක් මගින් ඇති වේ. පත්‍ර කහ පැහැ වේ. පත්‍රවල දෙපැතතේම සුදු පැහැති බීජානු සමූහ දිස් වේ.

පාලනය
ධාරක පැළෑටි හා කුකර්බිටේසි කුලයට අයත් වල් පැලෑටි වර්ග විනාශ කිරීම.
නිර්දේශිත දිලීර නාශකයක් භාවිතා කිරීම.

මෘදු කුණුවිමේ රෝගය (පිතියම් විශේෂ)
දිලීරයක් මගින් ඇති වේ. කදෙහි පාමුල හා ඵල මතුපිට මෘදු කුණුවීමක් හටගනී.

පාලනය
අධික තෙතමනය හාආර්ද්‍රතාවය මගහැරීම
පස බුරුල්කර වාතාශ්‍රය දියුණු කිරීම
නිර්දේශිත දිලීර නාශකයක් යෙදීම

විචිත්‍ර වෛරසය
පත්‍ර මත කොල හා කහ පැහැති පුල්ලි ඇතිවේ. පත්‍ර බොකුටු වී රැලි වැටී, පැල්ලම් ද ඇතිවේ.
පාලනය
රෝගී පැල උදුරා විනාශ කරන්න.
කෘම්නාශක යොදා සුදුමැස්සන් වැනි රෝග වාහකයන් මර්ධනය කරන්න.

කෘමි පාලනය
ඉල් මැස්සා
මෙම මැස්සාගේ ගැහැණු සතා කුඩා ගෙඩි වල පොත්ත විද බිත්තර දැමීම නිසා ඇතිවන කීටයන් (පනුවන්) ඇතුලත කොටස් කා දැමීමෙන් ගැට හා මල් හැලීම හා ගෙඩි කුණුවී යාම සිදුවේ.

හානිය වලක්වා ගැනීම හා මර්ධනය
පිදුරු ස්වල්පයකින් ඵල ආවරණය කිරීම.
පෙරමෝන් උගුල් භාවිතය.
ආසාදිත ගෙඩි කඩා විනාශකර දැමීම.

ඇම තැබීම
පෙන්තියෝන් කෘමි නාශකය සමග සීනි මිශ්‍රකර, පිපිඤ්ඤා කුලයේ ගෙඩි කැබලි එම ද්‍රවනයේ විනාඩි 10 ක් පමණ ගිල්වා තබා වගාව තුල තැනින් තැන තබන්න.

කෘමිනාශක භාවිතය
පෙන්තියෝන් නිර්දේශිත ප්‍රමාණය ජලයේ මිශ්‍රකර එයින් ලීටර් 1 ට සීනි ග්‍රෑම් 25 ක් මිශ්‍රකර ඉසින්න. මල් පිපෙන අවස්ථාවේ සිට සති 02 කට වරක් යෙදීම කලයුතුය.

අස්වැන්න නෙලීම
ගෙඩි මතපිටිමය ස්වභාවයක් දිස්වන විට නෙලා ගන්න.
ඒ. එන්. කේ. රුහුණු- මල් පිපී දින 40
දේශීය වර්ග - මල් පිපී දින 60

අස්වැන්න
සෑම වර්ගයකම අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 15000 - 25000 පමණ වේ.

පසු අස්වනු කටයුතු
හොදින් මෝරන ලද ගෙඩි වියළි ස්ථානයක මාස 6 - 8 ක කාලයක් ගබඩාකර තබාගත හැක.

No comments:

Post a Comment