Tuesday 6 August 2013

බීට් රූට්

 

බීට් රූට්
බීටා වුල්ගාරිස්
Beta vulgaris
කුලය - කීනොපෝඩියේසි

මෙය ශීත හා උෂ්ණ දේශගුණික තත්ව දෙකටම හොදින් අනුවර්ථනය වු බෝගයකි. එනිසා ශ්‍රී ලංකාවේ සියළුම කෘෂි දේශගුණික කලාපවලට අයත් ප්‍රදේශයන්හි සාර්ථකව බීට් වගාකල හැකිය.

නිර්දේශිත ප්‍රභේද
ක්‍රිමිසන් ග්ලෝබ්

දින 17 - 90 දී අස්වනු නෙලාගත හැකිය. බීට් අලය බාහිරව රතු දම් පැහැතිවන අතර, ඇතුලතින් තද රතු දම් පැහැතිවේ. අලයේ මැද කොටස ලාරතු පාට වේ.

ඩෙඩිරෝයිට් ඩාර්ක්රෙඩ්

දින 70 - 90 ගතවන මෙම ප්‍රභේදයේ අලයේ පැහැයද ක්‍රිමිසන් ග්ලෝබ්වලට සමානය.

පස
හොදින් ජලය බැසයන කාබනික ද්‍රව්‍ය අඩංගු පස්වල බීට් සාර්ථකව වගාකල හැකිය.
පසෙහි පී.එච්. අගය 6.3 - 7.3 වේ.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට කලෝ ග්‍රෑම් 6 - 6

තවාන් සැකසීම හා නඩත්තුව
හොදින් හිරුඑළිය ලැබෙන ජලය රදා නොපවතින ස්ථානයක් මේ සදහා තෝරාගන්න.

බිම් පෙරළා මීටරයක් පළල හා සෙන්ටි මීටර් 20 පමණ උස පාත්ති සකසා ගන්න. මෙම පාත්තිවලට හොදින් දිරාපත් වු කාබනික පොහොර දමා පස සමග මිශ්‍ර කරන්න.

බීජ සිටුවීමට පෙර තවාන් පාත්ති ජීවානුහරණය කරගන්න. දහයියා හා පිදුරු තට්ටු කිහිපයක් පාත්ති මත දමා සෙමින් පිළිස්සීයාමට සැලසීම, දිලීරනාශක යෙදීම හෝ තද හිරුරැස් පවතින කාලයක විනිවිද පෙනෙන පොලිතීනයකින් තවාන ආවරණයකර සති 2 පමණ තැබීම මගින් මෙය ඉටුකරගත හැකිය.

සෙන්ටි මීටර් 10 පරතරය සහිත පේලි දිගේ බීජ සිටුවන්න. සති 4 - 6 පමණ වයසැති හා අලය තරමක් වර්ධනයවී ඇති පැල සිටුවීම සදහා යොදා ගැනේ.

මෙයට අමතරව ක්ෂේත්‍රයේ සකසාගත් පාත්තිවල එකවරම බීජ සිටුවීමද කළහැකිය.

බිම් සැකසීම
වගා කිරීමට බලාපොරොත්තු වන ඉඩමේ සෙන්ටි මීටර් 20 - 30 ගැඹුරට පස පෙරළා මීටරයක් පමණ පළල හා සෙන්ටි මීටර් 20 පමණ උස පාත්ති සකසා ගන්න. හොදින් දිරාපත් වු කාබනික පොහොර හෙක්ටයාරයකට ටොන් 10 පමණ දමා පසට කලවම් කරන්න.

පැල සිටුවීම
පැල සිටුවීමට දින 2 පමණ පෙර මුලික පොහොර වශයෙන් යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණය පාත්තිවලට යෙදා හොදින් කලවම් කරන්න.

සිටුවීමට සුදුසු අවස්ථාවට පත්වු පැල ප්‍රවේශමෙන් ගලවා ඒවයේ පත්‍රවල කෙළවර ප්‍රදේශයෙන් කපා දමන්න. ඉන්පසු මුදුන් මුලද තරමක් කපා දමා පාත්තිවල සිටුවා ජලය සපයන්න.

පරතරය
වියළි කලාපයේ

පේලි අතර - සෙන්ටි මීටර් 30
පැල අතර - සෙන්ටි මීටර් 10

උඩරට ප්‍රදේශවල
පේලි අතර - සෙන්ටි මීටර් 30
පැල අතර - සෙන්ටි මීටර් 15

පොහොර යෙදීම
බීජ පැලවී සති 2 පමණ ගතවු පසුව තවානෙහි වර්ග මීටර් 5 පමණ ප්‍රදේශයකට යුර්යා සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර ග්‍රෑම් 5 බැගින් යොදන්න.

කාබනික පොහොර යොදීමට අමතරව වගාවට පහත සඳහන් අන්දමට රසායනික පොහොරද යොදීමට කටයුතු කරන්න.
යෙදිය යුතු කාලයයූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර්
පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ්
පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර165270125
සිටුවා සති 4 කට පසු165-125

ජල සම්පාදනය
පසෙහි තෙතමනය සැලකිල්ලට ගනිමින් දින 3 - 4 වරක් බැගින් ජලය සපයන්න.

වල් පැලෑටි පාලනය

වගාවේ පැල සිටුවා සති 2 දී පළමුවරට වල් පැල ගලවා දමන්න. ඉන්පසු මතුපිට පොහොර යෙදීමට පෙර, එනම් සති 4 දී පමණ නැවත වරක් වගාවේ වල් පැල ඉවත් කරන්න.

කෘමි පාලනය
කියත් පණුවා
පැල පාමුල ප්‍රදේශයෙන් කපා දමා විනාශ කරයි. දරුණු හානියක් පවතින විට කාබොෆියුරාන්, එටොෆෙන්ප්‍රොක්ස්, ක්ලෝරොපයිරිපොස් හෝ ප්‍රොතියොපොස් වැනි කෘමිනාශකයක් පැලවලට යොදන්න.

දියමලන්කෑම

බීජ පැලවල වයස සති 2 පමණ වනතෙක් වැලදෙන රෝගයකි. රෝග කාරක දිලීර මුදුන්මුලට හා බීජාධාරයට හානි කිරීම නිසා කුඩා පැල මැලවී මැරීයයි. මේ සදහා තිරාම්, කැප්ටාන් වැනි දිලීරනාශකයක් තවානට යොදන්න.

අස්වැන්න නෙලීම
පැල සිටුවා දින 75 - 90 දී අස්වැන්න නෙලාගත හැකිය.

අස්වැන්න
හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 12 - 15 කි.

අස්වැන්න සැකසීම
බීට් අල ගැලවීමෙන් පසුව අවශ්‍යතාවය මත මේරූ පත්‍ර පමණක් ඉවත්කර හෝ පත්‍ර සම්පූර්ණයෙන්ම කපා දමා හෝ වෙළඳපොලට ඉදිරිපත් කෙරේ.

හොදින් වාතාශ්‍රය ලැබෙනසේ ලණුගෝනි වැනි ඇසුරුම්වල දමා වෙළඳපොලට ඉදිරිපත් කළයුතුය.

No comments:

Post a Comment