Tuesday 6 August 2013

ලීක්ස්

 

ලීක්ස්
ඇලියමි ඇම්පෙලෝප්‍රසම් කල්ටිවාර් පෝරම්
Allium ampeloprasum cv porrum
කුලය - ඇලියේසි

ලීක්ස් අයත් වන්නේ ළූණු අයත්වන ඇලියේසී කුලයටමය. නමුත් මෙම බෝගයේ ප්‍රධාන වෙනස වන්නේ එහි බල්බ නොසෑදීමයි. අප රටේ විවිධ ආකාරයට ලීක්ස් ආහාරයට ගන්නා නිසා එය හැමවිටම වෙළදෙපොලෙහි සැලකිය යුතු මිළකට අලෙවි වේ. කෙසේ වුවද ළූණු වර්ග වල මිළ සෑහෙන ඉහල මට්ටමකට පවතින අවස්ථාවලදී ළූණු සදහා ආදේශකයක් ලෙසද ලීක්ස් භාවිතා කිරීම ශ්‍රි ලාංකීකයන් අතර ජනප්‍රිය පුරුද්දක් වී තිබේ.

නිර්දේශිත ප්‍රභේද
ලාර්ජ් ලෝං සමර්

මෙම ප්‍රභේදයේ පත්‍ර පටුය. දිගුය. සෘජුව පිහිටා ඇත. තද නිල් කොළ පැහැතිය. කද ලා කොල - සුදු පැහැතිය.

දේශගුණික අවශ්‍යතා
ලීක්ස් වගාව සදහා වඩා සුදුසු වන්නේ අප රටේ උඩරට ප්‍රෙද්ශයයි. උඩරට තෙත් කළාපයට හා අතරමැද කළාපයට අයත් නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක වල පවතින සිසිල් දේශගුණික තත්ත්ව යටතේ මෙම බෝගය හොදින් වර්ධනය වේ.

පස
කාබනික ද්‍රව්‍ය බහුලව අඩංගු වන සාරවත් පස් බෝගය සඳහා වඩා සුදුසු පෙසහි තිබිය යුතු යෝගයතම පී.ඒච්. අගය 50-60 වේ.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට කිලෝ ග්රෑම් 3.75 කි.

තවාන් පාලනය
බිම පෙරලා ඉතා හොඳින් සියුම්ව පස සකසා ගන්න. හෙක්ටයාරයක් සඳහා මීටර් 3ක් දිග, මීටරයක් පළල හා සෙන්ටිමීටර් 20ක් පමණ උස පාත්ති 200-225 අවශය වේ. මෙම පාත්ති වලට හොඳින් දිරාපත් වූ ගොම පොහොර සැලකිය යුතු ප්‍රමාණයක්ද ත්‍රිත්ව සුපර් පොස්පේට් ස්වල්පය බැඟින්ද දමා පස සමඟ කලවම් කරන්න.

පෙසහි පී. ඒච්. අගය 5ට වඩා අඩු වූ විටදී නිර්දේශිත අන්දමට පසට හුණු යොදන්න. උදා- පී.ඒච් අගය 4.9ක් වනවිටදී අළු හුණු කිලෝ ග්රෑම් 1200 හෙක්ටයාරයකට යෙදිය යුතුය. හුණු යෙදීම කල යුත්තේ බීජ වැපිරීමට සති 03කට පමණ පෙරදීය.

තවාන් දැමිය යුතු කාලය
  • උඩරට තෙත් කලාපය - වසර පුරාම
  • උඩරට අතර මැද කලාපය - ඔක්තෝබර්, නොවැම්බර්
සියුම් මතුපිටක් සිටින සේ සකසාගත් තවාන් පාත්තිවල එකිනෙකට සෙන්ටිමීටර් 15ක පරතරතයකින් වූ පේලි දිගේ බීජ දැමීම හෝ වැපිරීම කල හැකිය. බීජ දැමීමෙන් පසු තුනී පස් තට්ටුවකින් වසන්න. තවානකට අවශය වන පරිදි තෙතමනය ලබා දෙන්න. තවාන් පැලවලට උදය පාන්දරින් පත්‍ර වල පිණි සේදී යන පරිදි ජලය සපයන්න.

තවානේ වල් පැල හා කෘමි රෝග ආදිය පාලනය කර ගැනීම කෙරෙහිද සැලකිලිමත් වන්න. පැල කුඩා අවධියේදී කියත් පණු හානිය වළකාගැනීම සදහා කාබොෆියුරොන් ස්වල්පය බැඟින් පාත්ති වලට යෙදිය හැකිය. ලීක්ස් පැල කුඩා කාලෙයදී වැඩි අවධානයකින් යුතුව රැකබලා ගතයුතුය. සිටුවීමට සුදුසු තත්ත්වයේ ඇති පැන්සලක් පමණ කඳ මහත්වූ පැල තවානෙන් ලබාගැනීම සඳහා මාස 2 - 3 පමණ දිග පාත්ති සකසා ගන්න. මෙවැනි පාත්ති 2750ක් පමණ සංඛයාවක් හෙක්ටයාරයක වගාවක් සඳහා අවශයවේ.

පැල සිටුවීම හා පරතරය
තවානෙහි නියම ප්‍රමාණයට වැඩි ඇති නරෝගී පැල ප්‍රවේශමෙන් ගලවන්න. ඒකී පැලවල පත හා මුල් කෙලවරින් මඳක් කපාදමා සිටුවන්න.

පේලි අතර සෙන්ටිමීටර් 15ක් සහ පේලියක පැල අතර සෙන්ටිමීටර් 10ක් වන සේ ඒක් ස්ථානයක ඒක පැලය බැගින් සිටුවන්න.

මිශ්‍ර වගාවක් ලෙස
නුවරඑළිය ප්‍රදේශයේ බොහෝ ගොවීන් විසින් ලීක්ස් වගා කරනනේ ඒකම පාත්තයෙහි බීට්, කැරට්, සලාද වැනි බෝග සමග මිශ්‍ර වගාවක් ලෙසය. ලීක්ස් වගාවෙන් අස්වැන්න ලබා ගැනීමට මාස 4 - 6 පමණ ගතවන නිසා මෙමගින් වැඩි ආදායමක් මෙන්ම භූමයෙන් වැඩි ඵලදායීතාවයක්ද ලබාගැනීමට ඔවුනට හැකිවී තිබේ.

පොහොර යෙදීම
යෙදියයුතු කාලයයූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර්
පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ්
පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර8527050
සති 4කදී85--
සති 8කදී85-50
සති 12කදී85--
සති 16කදී85-50

වල් පැලෑටි පාලනය
සති 2දී පාත්තිවල වැඩි ඇති වල් පැල පළමු වරට ගලවා දමන්න. ඉන්පසු සෑම පොහොර යෙදීමකටම පෙරද වල් පැල ඉවත් කරන්න. පොහොර යොදන සෑම අවස්ථාවකටම පසුව ගස් අසලට පස් එකතු කරන්න. මෙමඟින් ලීක්ස් ශාකයේ දණ්ඩ සෘජුව සහ සුදු පැහැතිව තබා ගැනීමට ඉඩ ලැබේ.

ජල සම්පාදනය
පැල සිටුවා දින 4 ක් පමණ ගතවන තෙක් දිනපතා වගාවට ජලය සපයන්න. ඉන්පසු අවශතාවය මත දින 3-4 වරක් බැඟින් ජලය සපයන්න.

කෘමි පාලනය
මෑතකදී නුවරඑළිය ප්‍රදේශයට විශාල තර්ජනයක් වූ ලිරියොමයිසා හුඩොබ්‍රෙන්සිස් නැමති පත්‍ර කණින්නාගේ හානිය නිසා ලීක්ස් වගාවන්ට විශාල තර්ජනයක් ඇතිවී තිබේ.

ඇලෙන සුළු ද්‍රවයක් තැවරූ කහ පැහැති පොලිතීන් උඟුල් යෙදීම රෝගී ශාක කොටස් විනාශ කිරීම හා බෝග මාරුව මඟින්ද නිර්දේශිත කෘමි නාශකයක් යෙදීමෙන්ද මෙම හානිය පාලනය කරගත හැකිය.

රෝග පාලනය
දම්පැහැ පුල්ලි රෝගය
මේරූ පත්‍රවල දම් - දුඹුරු පැහැති පැල්ලම් හට ගනී. සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම, බෝග මාරුව හා නිර්දේශිත දිලීර නාශකයක් යෙදීමෙන්ද මෙම හානිය පාලනය කරගත හැකිය.

අස්වනු නෙලීම
සිටුවා මාස 4 දී පමණ අස්වනු නෙලීම ආරම්භ කල හැකිය. ගස්වල කදෙහි පමාණය අනුව ශ්‍රේණිකර හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ලණු පැදුරු වැනි ද්‍රව්‍යකින් ආවරණය කර මිටි බැද වෙළඳපොලට යවන්න.

අස්වැන්න
හෙක්ටයාරයට මෙට්‍රික්ටොන් 19 - 24කි.

No comments:

Post a Comment