Tuesday 6 August 2013

පතෝල

 

පතෝල
ට්‍රයිකොසැන්තස් කියුකමෙරිනා
Trichosanthes cucumerina
කුලය - කුකර්බිටේසි

ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය එළවළු බෝගයක් වන පතෝල සම්භවය වී ඇත්තේ නිවර්ථය ආසියාවේය. මාතලේ, නුවර, රත්නපුර, හම්බන්තොට, කුරුණෑගල වැනි දිස්ත්‍රික්කවල විශාල වශයෙන් මෙම බෝගය වගාවේ.

නිර්දේශිත ප්‍රභේද
ටී. ඒ. 2

මීටරයකට වඩා දිග කරල් අළු - සුදු පාටය. මේරීමත් සමග කරල්වල තදකොළ පාට ඉරි ඇති වේ.
එම්. අයි. (කෙටි)
අළු සුදු පැහැති කරල මීටර් පමණ දිගය.
තින්නවේලි
කරලක දිග මීටර් පමණ වේ. මාංසල බවින් වැඩි මෙම කරල් අළු - සුදු පාටය. මේරීමත් සමග කරලේ සුදු පැහැති ඉරි ඇතිවේ.

දේශගුණික අවශ්‍යතා
උණුසුම් දේශගුණික තත්ව ප්‍රියකරන බෝගයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 500 පමණ උසක් දක්වා වු ප්‍රදේශවල මෙය සාර්ථකව වගාකළ හැකිය. වියළි කලාපයේ යල් කන්නයේදී ද තෙත් කලාපයේ වසර පුරාම ද පතෝල වගා කළ හැකිය. කෙසේ වුවද තද වර්ෂා කාල මගහැර වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

පස
කාබනික ද්‍රව්‍ය මැනවිත් අඩංගු හොදින් ජලය බැසයන පසක් වගාව සදහා වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පි. එච්. අගය 5.5 - 7.5 පමණ වේ.

බිම් සැකසීම
ඉඩම හොදින් සීසා කැට පොඩිකර ගන්න. නියමිත පරතරයට සෙන්ටි මීටර් 30 x 30 x 30 ප්‍රමාණයේ වලවල් සකසා ගන්න.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට - කිලෝ ග්‍රෑම් 4 කි.

පරතරය
මීටර් 1.5 x 1.5 කි.

සිටුවීම
දිරාපත්වු කාබනික ද්‍රව්‍ය සහ මතුපිට පස් ම්ශ්‍රකර වල පුරවාගන්න. බීජ සිටුවීමට දින 2 - 3 පෙර එක් වලකට මුලික පොහොර ලෙස නිර්දේශිත රසායනික පොහොර ප්‍රමාණය යොදන්න.

සකසාගත් වලෙහි එකිනෙකට තරමක් දුරින් බීජ 3 පමණ සෙන්ටි මීටර් 2 - 3 පමණ ගැඹුරින් සිටුවා හොදින් ජලය සපයන්න. දින 5 - 8 දී බීජ ප්‍රරෝහනය වේ.

පැල තුනී කිරීම
බීජ පැලවී සති 2 පමණ ගතවුවිට එක් වලක නීරෝගී පැල 2 පමණක් ඉතිරිකර වැඩි පැල ගලවා දමන්න.

වැල් පුහුණු කිරීම
මීටර් 2 පමණ උස ශක්තිමත් පන්දලමකට වැල් යොමු කරන්න. පන්දලමට පහතින් වැලෙහි ප්‍රධාන කදෙහි හටගන්නා පාර්ශ්වික අතු ඉවත් කරන්න.

පොහොර යෙදීම
පහත සදහන් අන්දමට රසායනික පොහොර යොදා වගාවෙන් වැඩි අස්වැන්නක් ලබාගන්න.
යෙදිය යුතු කාලයයූරියා
හෙ./ කි.ග්‍රෑ
ත්‍රිත්ව සුපර් පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ
මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ
මුලික පොහොර7520060
පැල මතුවී සති 475-60
පැල මතුවී සති 875-60

වල් පැලෑටි පාලනය
බෝගයේ මුල් අවස්ථාවේදී වල්පැල පාලනය පිළිබදව සැලකිලිමත් වන්න. වැල් හොදින් වැඩී මැස්ස ආවරණය කරගත් පසුව වල් පැලෑටි පාලනය එතරම් ගැටළුවක් නොවේ.

ජල සම්පාදනය
බීජ ප්‍රරෝහනයවන තෙක් දිනපතාම පාහේ ජලය සපයන්න. ඉන්පසු අවශ්‍යතාවය අනුව වරින් වර ජලය සපයන්න. වැල් වටා වසුනක් යෙදීමෙන් වියළි කාළගුණික තත්ව පවතිනවිට පස වියළී යාම අඩුකර ගත හැකිය.

කෘමි හා රෝග පාලනය
ඉල් මැස්සා

කරල් තුල ඉල් මැස්සාගේ කීටයා විසින් සිදුකරන හානිය නිසා කරල් කුණුවේ. කුඩා අවධියේදීම පොලිතීන් කවර යොදා කරල් ආවරණය කරන්න. දරුණු හානියක් පවතින විට ෆෙන්තියෝන් වැනි නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න.

මෙයට අමතරව අවුලකපෝරා කුරුමිණියන්, හබල්පාද මකුණන් හා එපිලැග්නා කුරුමිණියන් නිසාද වගාවට හානි ඇති විය හැකිය.

මූල ගැටිති වටපණුවන් පාලනය කිරීම සදහා බෝග මාරුව හා කාබනික පොහොර මැනවින් වගාවට යෙදීමකළ හැකිය. එසේම 3 % කාබොෆියුරාන් කැට ග්‍රෑම් 2 පමණ බීජ සිටුවන අවස්ථාවේදී සෑම වලකටම යෙදීමද කළ හැකිය.

පතෝල වගාවන් සදහා යටිපුස් රෝගය සහ පිටිපුස් රෝගය දරුණු ලෙස වැලදිය හැකිය. එවිට නිර්දේශිත දිලීර නාශකයක් පත්‍රවලට යොදන්න. මෘදු කුණුවීම නිසා වැලෙහි පැදස්ථ කොටසට හානි ඇතිවුවහොත් පසෙහි ජලවහනය දියුණු කරන්න. පස බුරුල්කර වාතනය දියුණු කරන්න.

අස්වනු නෙලීම
සිටුවා දින 60 - 75 දී අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය. දින 4 කට වරක් පමණ බැගින් අස්වනු නෙලාගත හැකිය.

අස්වැන්න
උසස් වගා පාලන තත්ව යටතේ හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 20,000 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න පරිහරණය
නෙලාගත් කරල්වලට තුවාලවීම වලකා ගැනීම සදහා ලණු පැදුරු හෝ පොල් අතුවලින් ආවරණයකර මිටි බදින්න. හොදින් පරිහරණය කරන ලද කරල් දින 7 - 10 පමණ ගුණාත්මය පහත නොවැටී තබාගත හැකිය.

No comments:

Post a Comment