Thursday 24 October 2013

Malware වැඩසටහනක ක්‍රියාකාරීත්වය නිසා වෙනස් වූ “Browser Settings” Repair කරගන්න [Freeware]


ඔබ ඔබේ පරිගණකයේ web browser ය බාවිතයෙන් අන්තර්ජාලය තුල සැරිසරන විට විවිද ක්‍රම මගින් Malware හා Spyware ඔබේ පරිගණකයට ඇතුළු වී ඔබේ පරිගණකය ඒවායේ ග්‍රහණයට නතු වෙන්න පුළුවන්. පරිගණකයේ තොරතුරු ලබාගැනීම සදහා මේ Malware වැඩසටහන් බොහෝ විට පරිගණකයේ browser settings ඇතුළුව බොහොමයක් settings වෙනස් කරනු ලබනවා. Antivirus වැඩසටහනක සහයෙන් ඔබ එම විනාශකාරී වැඩසටහන ඔබේ පරිගණකයෙන් ඉවත් කරත්, එම වැඩසටහන් මගින් ඔබේ පරිගණකයේ වෙනස්කල සමහර settings නැවත වෙනස් වෙන්නේ නැහැ. ඉතින් එවැනි අවස්ථාවලදී, Malware ආසාදනයෙන් ඔබේ පරිගණකයේවෙනස් වූ browser settings සහ DNS settings, Tittle Bar, Homepage, BHO plugin වැනි network settings, පහසුවෙන්ම repair කරගන්නට බාවිතා කල හැකි අපූරු freeware මෙන්ම portable tool එකක් තමයි “Anvi Browser Repair Tool” කියන්නේ.


Browser repair tool thumb Malware වැඩසටහනක ක්‍රියාකාරීත්වය නිසා වෙනස් වූ Browser Settings Repair කරගන්න [Freeware]

Download Browser Repair Tool

No comments:

Post a Comment